භූමිකම්පාවෙන් පසු අතුරුදහන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලාංකික කාන්තාව ගේ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරිය තහවුරු කර ඇත.
මියගොස් ඇත්තේ මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති 69 හැවිරිදි කාන්තාවකි. ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ දිංචිව සිට ඇත. අදාල කාන්තාවගේ දියණිය විසින් මවගේ දේහය හඳුනාගෙන තිබේ.
තුර්කියේ භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් ජීවත්ව සිටි 13 දෙනෙක් නිරුපද්‍රිතව සිටින තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක දින දෙකකට පෙර බීබීසී සේවය වෙත පවසා තිබිණි.
තුර්කියේ සහ වයඹදිග සිරියාවේ ඇති වූ මෙම භූමිකම්පාවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය සඳහන් කරයි. මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව දියත් වී ඇත.
අද (12)වනවිට තුර්කියේ මරණ සංඛ්‍යාව 24,617 දක්වා ඉහළ ගොස් තිබේ. සිරියාවේ 4,500 කට වැඩි පිරිසක් මියගොස් ඇත.







