උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයත වල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ මැතිවරණ දිනයක් නීත්‍යානුකූලව ප්‍රකාශ කර නැති බවත් මැතිවරණයක් නැති බවත්ය.
එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශයක් කරමින් මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බවත් එසේ ප්‍රකාශයට පත් කළේ ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුකූලව බවත් පෙන්වා දුන්නේය.







