ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් පැමිණ කොටහේන සුරාසලක් ඉදිරිපිට දි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අපරාධයේ සැකකාර ප්‍රධාන අපරාධකරු ඊයේ (23) දහවල් මෝදර දි අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාස නිලධාරීන් සමත් වී තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මස 21 වැනි දින මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි. වෙඩි තැබීමෙන් පසු පලා ගිය අපරාධකරු සම්බන්ධව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ මෙහෙයවන පාතාල අපරාධකාරයෙක්වූ බුම්මා නැමැති පුද්ගලයාගේ සමීප ගොලයෙක් ලෙස හෙළි වී ඇති පිනිගම අප්පුහාමිලාගේ දොන් දිලූෂන් කුමාරසිරි නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු සමග මෙරට නිශ්පාදනය කළ මිලිමීටර 9 උණ්ඩ දැමිය හැකි රිවෝල්වරයක්, ජීව උණ්ඩ හතරක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්, කඩු 02ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සඳහා පැමිණි ව්‍යාජ අංක යෙදූ යතුරුපැදිය ද මිහිජන සෙවන නිවාස සංකිර්ණයේ සඟවා තිබිය දි සොයාගෙන ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ විමර්ශන කටයුතු සදහා මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.