මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමේ තීරණය අද (21) සිට අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
මුව ආවරණයන් පැළදීම අනිවාර්ය නොකිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සිය විරෝධය පළ කිරීම හා කරුණු පැහැදිලි කිරීම හමුවේ මෙම තීරණය ගත් බව වෛද්‍ය හේමන්ත හේරත් කියයි.
ගෝලීය වසංගතය වන කොවිඩ් 19 රෝගය මේ වන විට ලෝකයෙන් බැහැර වී නැති අවස්ථාවක් හා නව ප්‍රභේදයන් රටවල්කීපයකින් හඳුනාගනිමින් සිටින අවස්ථාවක මුහුණු ආවරණය ඉවත් කිරිම භයානක තත්ත්වයක් යැයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
එසේම ඖෂධවල උග්‍ර හිගයක් රටපුරා පවතින මෙවන් අවස්ථාවකදී යම් හෙයකින් අප රටට නැවත කොවිඩ් වසංගතය පැමිණියහොත් දරුණු තත්ත්වයන් රට තුළ නිර්මාණය වීම වැළැක්විය නොහැකි වන බව විශේෂඥයින් දිගින් දිගටම පෙන්වා දී ඇති බවද වෛද්‍ය හේරත් මහතා පැවසීය.







