රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවකට චෝදනා ලැබ දැනට බන්ධනාගාරතව සිටින තිලිණි ප්‍රියමාලි නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත් නොකියා වර්ගයේ කුඩා ජංගම දුරකථනය ලබාගෙන ඇත්තේ ඊට රුපියල් පනස් දහසක මිලක් ගෙවීමට පොරොන්දුව පිට බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
එම ජගංම දුරකථනය ඇයට ලබා දී ඇත්තේ ද බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියෙක් විසිනි.
පෙරේදා (09) රාත්‍රී 9.30 ට පමණ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමයක බලකාය විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය සොදිසි කිරීමේ දී තිලිනි ප්‍රියමාලි සන්තකයේ තිබී මෙම ජංගම දුරකථනය අත්අංගුවට ගෙන තිබිණි.
මේ වනවිට දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇත.







