අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියුණු තරගයක්… වනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්… ඒත් අපි පරාදයි…

by editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තියුණු තරගයකින් පසු  ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකානුවෝ කඩුළු 04කින් ජයගත්හ. ශ්‍රී ලංකාව ලකුණු 142කට දැවී ගොස් තිබිණි. දකුණු අප්‍රිකානුවන්ගේ  ඉලක්කය ලකුණු 143කි. ඔවුන් ලකුණු 142 කඩුළු 6ක් දැවී පසුකළහ. ඒ 19 වැනි පන්දු ඕවරයේ 05 වැනි පන්දුවෙනි.

රට බලාපොරොත්තු වුනේ ආශ්චර්යයක් සිදුවනු ඇත කියාය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මැනවින් සිය ග්‍රහණය පවත්වාගෙන ගියහ.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයට එක්වෙමින් වනිඳු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඔහු පන්දු ඕවර 4ක් යවා ලකුණු 20ක් ලබා දී මෙම කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේය.

දුෂ්මන් චමීර පන්දු ඕවර 4 තුළ ලකුණු 27ට කඩුලු 02ක් බිඳ හෙළුවේය. ඔහු මුල් ඕවර දෙකේ දී එම කඩුලු 02 ලබා ගත්තේ ලකුණු 08ක් ලබා දෙමිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පැතුම් නිශ්ශංකගේ මනරම් පිතිකරණය, වනිඳුගේ කඩුළු ත්‍රිත්වය,  දුෂ්මන්ත චමීරගේ   විශිෂ්ට පන්දු යැවීම, පිටියේ අවසාන පන්දුවාරය තෙක් කළ තියුණු පන්දු රැකීම ලහිරු කුමාරගේ අවසාන ඕවරයේ දී විනාශ වී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142කට දැවී ගියේය.  කාසියේ වාසිය දිනාගත්  දකුණු අප්‍රිකානුවන් පන්දු යැවීමට තීරණය කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 142න් ලකුණු 72ක් ලබා ගත්තේ පැතුම් නිශ්ශංකය. පන්දු 58ක දී  ඔහු ලබාගත් විශ්වාසනී ලකුණු 72ක  ලබා ගත්තේය.

චරිත් අසලංක ලකුණු 21ක් පන්දු 14ක දී ලබා ගෙන සිටිය දී දුවද්දී දැවී යෑමකට හසු විය. අනතුරුව ලකුණු 11ක් වත් ලබා ගත්තේ දසුන් ශානක පමණි.

තරගාවලියේ මෙතෙක් තරග පැවති ආකාරය සලකා බැලීමේ දී 142ක් යනු තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් නොවන බව පෙනුණි.

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටබ්‍රාස් ෂම්සි පන්දු ඕවර 4ක් යවා ලකුණු 17ට කඩුලු 03ක්, ඩ්වයින් ප්‍රෙටොරියස් පන්දු ඕවර 03ක් යවා ලකුණු 17ට කඩුලු 03ක් බිඳ හෙළුවේය. එන්රිච් නොට්ජේ පන්දු වාර 04 තුළ ලකුණු 27ට කඩුලු 2ක් බිඳ හෙලුවේය. දුවද්දී දැවී යාම් දෙකකි.

දකුණු අප්‍රිකානුවන් පිටියට පැමිණියෙ පහසුවට පෙනුන ඉලක්කය හඹා යන්නටය.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූ ක්වින්ටන් ඩි කොක් ලකුණු 12කටත් රීසා හෙන්ඩ්‍රික් ලකුණු 11කටත් දැවී ගියේය. කඩුලු දෙකම දවා ගත්තේ දුෂ්මන්ත චමීර  ය.

රසී වන් ඩර් ඩුසේන් දුවද්දී දැවී යෑමකට හසු කරගැනීමට  දසුන් ශානක සමත් විය.  කණ්ඩායමේ වගකීම ගත් නායක ටොම්බා බවුමා පන්දු 46ක දී ලකුණු 46ක් රැස් කරගෙන සිටිය දී වනිඳු හසරංග හමුවේ දැවී යන්නේ පැතුම් නිශ්ශංක කළ කදිම උඩපන්දු රැකීමකිනි.  ඊලඟ පන්දුවට ඩෙවින් පෙට්‍රස් දවා ගැනීමට වනිඳු සමත් විය. භානුක රාජපක්ෂ පහසු උඩපන්දුවක් රැක ගත්තේය. තමන් අවසානයට යැවූ   පන්දුවාරයේ අවසන් පන්දුවේ දී  කඩුල්ලක් ලබාගෙන සිටි වනිඳු හසරංග සිය කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

ලකුණු 112ට කඩුලු 6කි. 17 වැනි ඕවරය අවසන් වනවිට ජයග්‍රහණය තිබුණේ ශ්‍රී ලංකාවට පෙනෙන මානයේය.

18 වැනි පන්දු ඕවරය මහේෂ් තීක්ෂණ යැවූවේ ලකුණු 6ක් ලබා දෙමිනි.  19 වැනි ඕවරය දුෂ්මන්ත චමීරට යැවීමට දුන් දසුන් ශානක අවසාන ඕවරයේ ලකුණු 15 ආරක්ෂා කරගැනීම සඳහා ලහිරු කුමාර කෙරෙහි විශ්වාසය තැබීය.

අවසාන පන්දු ඕවරයේ දී ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු වූ ඒ ලකුණු 15 අතිශය දැවැන්ත හයේ පහර දෙකක් සමගින් ලබා ගන්නට දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් සමත් විය. 19 වැනි ඕවරයේ 5 වැනි පන්දුවට මුහුණ දුන් කිගාෂෝ රබාඩා හතරේ පහරක් සමගින් තරගයේ ජය වාර්තා කළේය. ඔහු පන්දු 13ක දී ලකුණු 23ක් ලබා ගත්තේය.

කිගාසෝ රබාඩා පන්දු 07ක් තුළ ලකුණු 13ක් ලබා ගත්තේය.  පන්දු ඕවර 19.5කදී දකුණු අප්‍රිකානුවෝ ජයග්‍රහණය ලබා ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂි විද්වතුන් කුණු මුල්ලේ තබා පාදෙණියලා කළේ කුමක් ද?. මහාචාර්ය සමන් ධරමකීර්ති අපට දුන්න පිළිතුර…

Next Post

කාබනික පොහොර රට තුළම හදාගන්න බැරිවුනොත් ගැටලු ගොඩක් ඇතිවේවි! කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.