රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති අනුව කාබනික වගාව සඳහා යොමු වීමට නම් රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කඩිනමින් දිරිගැන්විය යුතු බවත් එසේ නොවුවහොත් ආනයනික කාබනික පොහොර සම්බන්ධයෙන් නිරන්තර ගැටලු මතුවීම නොවැලැක්විය හැකි බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයෙහි ලියාපදිංචි සමාගම් මැදිහත්වීමෙන් ආනයනික පොහොර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු දිගින් දිගටම සිදු කෙරෙන නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ප්‍රමිති ආයතනයේ අනුමැතියෙන් තොරව කිසිදු අවස්ථාවක විදේශීය රටවලින් පොහොර ගෙන්වීමට කටයුතු නොකරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අකාරයෙන් කාබනික පොහොර ආනයනය සංකීර්ණ කටයුත්තක් බව පෙන්වා දෙයි.
“මේ වන විටත් රටවල් කිහිපයකටම කාබනික පොහොර සාම්පල භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා. එය දැඩි අධීක්ෂණයකින් යුතුව කළ යුතු කටයුත්තක්. “
“නයිට්‍රිජන් දියර , පොටැසියම් සහ ක්ෂුද්‍රමූල ද්‍රව්‍ය හෙවත් ශාක උත්තේජක ද්‍රව්‍ය ආනයනය කිරීම දැනටමත් සිදු කරනවා. ඔස්ට්‍රේලියාව ඉන්දියාව වැනි රටවලින් ගෙන්වන එම ද්‍රව්‍යය පිළිබඳත් නිරන්තර අවධානයෙන් ඉන්නේ. “ ධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
කාලගුණික සහ දේශගුණික විපර්යාස සමග වගාවේ නිරත වීමේදී ඇතිවන ගැටලු අවම කිරීම පිණිස හරිතාගාර වගාවට සහ පාලිත තත්වයන් යටතේ වගාවට යොමුවීමට ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සිදුවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කීවේය.







