ශ්‍රියානි විජේසිංහ-
දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්නා තායිරාජා නැතහොත් විජයරාජාගේ මඳ කීපි ඇති බැවින් මාළිගාවේ සීමාවෙන් බැහැරව විශේෂ ආරක්ෂිත පහසු ස්ථානයක මේ වන විට රඳවා ඇතැයි ඇතාගේ පශු වෛද්‍යවරයා වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල ලංකාසරට කීවේය.
ලංකාසර කළ විමසිමක දි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ මද කිපෙන කාලයේදී ඇතුන් නිදහස් පරිසරය හුදකලා කර ටික කාලයක් රඳවා තැබිමක් සිදුවෙන බවය. මේ දිනවල මාළිගාවේ දී තායිරජා දැකීමට නොහැකි වන්නේ ඒ නිසා බව මහාචාර්යවරයා පැවසුවේය.
තමා තායිරාජාගේ සෞඛ්‍ය පිලිබඳව සොයා බැලීම ආරම්භ කළේ වසර 2004දී පමණ බවත් එදා මෙදා තුර කාලයේදී තායිරාජා ඇතුලු ඇතුන් ගණනාවක් ආදරයෙන් බලා ගන්නවා මෙන්ම ඔවුන්ට අවශ්‍ය මොහොතේදී අවශ්‍ය ප්‍රතිකාරයන් කරන බවත් වෛද්‍ය දංගොල්ල සඳහන් කරයි.
වසරකට වරක් පිටගැස්ම එන්නත ලබා දීම පණුබෙහෙත් දීම , හැරුණු කොට විශේෂ අධීක්ෂණයකින් පසුව යම් රෝගී තත්ත්වක් හඳුනා ගතහොත් හෝ ලේ මුත්‍රා පරික්ෂා කර යම් රෝගී තත්ත්වක් හඳුනා ගතහොත් විශේෂ ඖෂධ ප්‍රතිකාරයන් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.
තායිරාජා ඇතුළු මාළිගාවේ වෙසෙන ඇතුන් මාස්පතා පරික්ෂා කිරීමට තමාගේ උපදෙස් පරිදි පශු වෛද්‍යවරයෙක් පැමිණෙන බවත් විශේෂ රෝග ලක්ෂණයක් මතු වූ වහාම තමා ඒ ගැන සොයා බැලීමට මාළිගාවට යන බවත් මහාචාර්යවරයා පැවසුවේය.