සුමිත් පොතුපිටිය –
දැනට රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන සළිදු මල්ෂික නොහිත් පානදුර කුඩු සළිදු ගෙන් අණාවරණයවූ තොරතුරක් මත පිස්තෝලයක් සහ එම පතොරොම් ගැබක් සමග පුද්ගලයකු අත්ඩංගුවට ගැනීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස නිළධාරීන් සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මොරවින්න ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි පුද්ගලයෙකි.
පානදුර හිරණ ප්‍රදේශයේ කල විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි . මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







