ත්‍රි රෝද රථ කර්මාන්තය නියාමනය කිරීම සඳහා ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම සහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනා මගින් යෝජනා කළේය.
මෙරට ලක්ෂ 7ක පමණ පිරිසක් මෙම කර්මාන්තය තුළ නියැලී සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙලෙස නව නියාමන ආයතනයක් පිහිටවිය යුතු බවටත් මුදල් අමාත්‍යවරයා යෝජනා කළේය.






