මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.
“මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. කුඩාම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා ”
මේ අතර සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අයවැයෙන් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ටම රුපියල් මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මුල්‍ය ප්‍රතිපාදන ලෙස හිමි වේ.
ගැබිනි කතුන්ට ලබාදෙන පෝෂණ මල්ල වසර 2ක් සඳහා ලබාදීමට අයවැයෙන් යෝ්ජනා කෙරේ. ඒ සදහා තවත් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන්කෙරෙන අතර ඒ වාර්ෂිකව වෙන් කෙරන මිලියන 4000ට අමතරව ය .
රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.







