දිනසේන රතුගමගේ –
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ත්‍රස්ත මර්දන ඒකකයේ වවුනියාව කාර්යාලය මගින් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 16 දෙනෙකුටම 27 දා රාත්‍රිය වන විට කොරෝනා රෝගය ආසාදනය වී තිබේ.
විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා සිටියදී ඔවුන්ට කොරෝනා රෝගය ආසාදනය වී තිබේ.
අහඹු ලෙස සිදු කරණ ලද පී.සී.ආර්.පරීක්ෂණයකයින් පසුව එම කාර්යාලයේ රඳවා සිටි 19 දෙනාගෙන් 16 දෙනෙකුටම කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
සැක කරුවන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරවීමටත් ඉතිරි පිරිස නිරෝධායනය කිරීමටත් පියවර ගෙන තිබේ. සැකකරුවන් සමග රාජකාරී කටයුතු කළ නිලධාරීන්ද නිරෝධායනය කර ඇත.







