දිනසේන රතුගමගේ –
යාපනය නල්ලූර් කෝවිලට අයත් වෙල් යායේ මංගල රන් අස්වනු නෙලීමේ 269 වෙනි වර්ෂයේ පුරාතන චාරිත්‍රය අද (28) උදෑසන යෙදී තිබූ සුබ මොහොතට අනුව කෝවිලේ බාරකාර කුරුක්කල්වරු විසින් සිදු කරණ ලදී.
වෙනත් වසර වලදී මේ චාරිත්‍රයට අනුව පලමුවෙන් නෙලා ගන්නා ගොයම් මිටිය පෙරහැරකින් නල්ලූර් කෝවිල වෙත වැඩම කොට කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කරන නමුත් මෙවර අති විශාල පිරිසක් රැස් කිරීම සෞඛ්‍ය නීති රීතිවලට පටහැනි නිසා කුරුක්කල්වරු පමණක් ඊට සහභාගී වූහ.
කෝවිලේ වෙල් යායේ අස්වැන්න නෙලීමට පෙර ගොයම් කිරි වලින් නහවා පුද පූජා පවත්වා මංගල ගොයම් මිටිය කපා ගන්නා අතර ඔවුන් එය හදුන්වනු ලබන්නේ රන් අස්වනු නෙලීමේ මංගල්ලය වශයෙනි.
මේ වෙල් යායෙන් ලබා ගන්නා වී වලින් සහල් සකසා කතරගම දෙවියන් උදෙසා සිදු කෙරෙන පූජාවලදී කිරිබත් පිසීමට පමණක් එම සහල් භාවිත කිරීමද විශේෂ සිද්ධියකි.
මේ ක්‍රියාව පසුගිය වසර 268 මුළුල්ලේම අඛණ්ඩව සිදු වී ඇතැයි කියැවේ.