දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට බලහත්කාරයෙන් පැමිණීම මේ වසර තුළ සම්පූර්ණයෙන්ම නවතා දමන බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (27) දා යාපනයේදී ධීවර සංගම් නියෝජිතවරුන්ට ප්‍රථම වතාවට පොරොන්දු වූයේය.
උතුරේ සියළුම ධීවර සමීති සංගම් නියෝජිතයෝ යාපනය නගරයට එක් රොක් වී ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීමේ සිද්ධියට විරෝධය පල කළේය.
මේ විරෝධතාවයට ධීවර සමීති නියෝජිතයින් 1000 ක් පමණ සෞඛ්‍ය නීති රීති පවා නොතකා පැමිණ සිටියහ.
යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය දක්වාම විරෝධතාකරුවන් ගමන් කොට යාපනය නගරය හරහා ගොස් යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී කාර්යාලය ඉදිරි පිටටද ගොස් තිබේ.
මේ අවස්ථාවේදී විරෝධතාකරුවන් ඉදිරියට පැමිණි අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය මේ වසර තුළ සම්පුර්ණයෙන්ම නතර කරන බවට ප්‍රතිඥාවක් දී තිබේ.
උතුරේ ධීවර සමිති නායකයන් පවසන්නේ කිසිදු අයෙකු මේ දක්වා මේ ප්‍රශ්නයට කාල වකවානුවක් සහිතව පිළිතුරක් නොදුන් නිසා අමාත්‍යවරයාගේ පොරොන්දුව විශ්වාස කරන බවයි.