ශ්‍රී ලංකාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ ප්‍රවාහනය කරමින් තිබූ තවත් කුඩු තොගයක් සහ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව පොලීසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී සමත්ව තිබේ.
මඩකලපුව පොලිසියට මීට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව නාවික හමුදාව සමග මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති අතර එහිදී ඔවුන්ට තොරතුරු ලැබී ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 100 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදට ලංවෙමින් පවතින බවය.
මේ තොරතුර අනුව ක්‍රියාත්මක වූ ඔවුන් මෙම ජාවාරම්කරුවන් සහිත යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔවුන් තමන් අත්අඩංගුවට පත්වන බව දැන එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය කඩා මුහුදට දමා ඇති බව වාර්තාවේ.
කෙසේ වුවද එම යාත්‍රාවේ සිටි පකිස්තාන පකිස්තාන ජාතිකයන් හත්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය අවස්ථා තුනකදී මඩකලපු පොලිසියෙන් ලද තොරතුරු මත මේ ආකාරයෙන් ජාත්‍යන්තර මුහුදේ දී ප්‍රවාහනය කරමින් තිබූ මත්කුඩු කිලෝ ග්‍රෑම් 560ක් සමග ඉරාන ජාතිකයන් විසිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව ඉදිරි තොරතුරු හෙට ඔවුන් ශ්‍රි ලංකාවට රැගෙන ඒමෙන් පසු විමර්ශනවලදී අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.







