බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරග විභාගයකින් තොරව ගුරු සේවයට කිසිවෙක් අනුයුක්ත කරගන්නේ නෑ…. ගුරු සේවය කළ සංවර්ධන නිලධාරීන්ට වෙන දේ අගමැතිනිය කියයි!

by editor
දෙසැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මින් මතු මොනම හේතුවක් මත හෝ තරග විභාගයකින් තොරව ගුරු සේවයට උපාධිධාරින් අන්තර්ග්‍රහණය නොකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණී අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ මෙම තීරණයට එළඹ ඇත්තේ   රාජ්‍ය සේවා කොමිසම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක ලබා දී ඇති තීන්දු අනුව මෙන්ම ගුරු සේවා ව්‍යවස්ථාව මත පිහිටා බව අවධාරණය කළාය.

ගුරු ව්‍යවස්ථාව අනුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අනුවත් තරග විභාගයකින් තොරව ගුරු සේවයට බඳවා නොගැනීමට සියලුම පාර්ශව එකඟ වී ඇති බව අගමැතිවරිය  පාර්ලිමේන්තුවට දැන්වූවාය.

සංවර්ධන නිලධාරීන් වසර ගණනක් ගුරු සේවයට අනුයුක්තව සේවය කර විද්‍යාපීඨ ශික්ෂණ ලාභීන්ට වඩා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් සහිතව සිටිය ද විභාගයට පෙනී සිටීම අනිවාර්ය බව කී අගමැතිවරිය විභාගයෙන් අනතුරුව කැඳවන සම්මුඛ පරීක්ෂණයේ දි එම ගුරු අත්දැකීම් අතිශය ප්‍රමුඛ වනු ඇති බව ද කීවාය.

කෙසේ වෙතත් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර වයස අවුරුදු 45 තෙක් දීර්ඝ කර ඇති බැවින් එම සීමා කොන්දේසිවලට යටත්ව විභාග පවත්වා ගුරු සේවයේ පුරප්පාඩු පුරවන බව අගමැතිවරිය පැහිදිලි කළාය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

පසුබිම පැහැදිලි කරමින් අගමැතිවරිය මෙසේ ද කීවාය.

“ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු කටයුතු අනුව ගුරු සේවා ව්‍යවස්ථාවේ 3.1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල සුදුසුකම් සපුරන අය බඳවා ගැනීමට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ද ඇතුළු රාජ්‍යසේවයේ උපාධිධාරින් ගුරු සේවට බඳවා ගැනීම මැයෙන් අමාත්‍ය මණ්ඩල  සංදේශයක් 2025/10/08 ඉදිරිපත් කරලා තියනවා. 2025/10/26 දිනැතිව එම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුමැතිය ලැබුනා. එම තිරණ සම්බන්ධව නැවත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කළා. “

“ඒ 2025/11/20 දින එම අභියාචානාධිකරණ නඩුවත් අවසන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුව අනුව රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රාජ්‍ය සේවයේ නියුතු නොවුන අනෙක් නිලධාරීන් සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කරමින් වෙන වෙනම විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් බදවා ගැනීමට කටයුතු කරමින් පවනවා.”

“විභාගයකට අමතරව සම්මුඛ පරීක්ෂණයක් තියනවා බඳවා ගැනීමේ දෙවැනි පියවර ලෙස. එතැනදි අනිවාර්යයෙන්ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ යෙදෙමින්  පාසල්වල ලබපු අත්දැකීම් ඉදිරිපත් කළ හැකියි. වැඩි වාසියක් එම පිරිසට ලැබෙනවා.”

“වයස් සීමාව සංශෝධනය කර විභාග පවත්වා ගුරුසේවය තුළ පවතින පුරප්පාඩු අනුව 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් තෝරා පත් කරගැනීමට නියමිතය. “

පාසල්වලට ඒකාබද්ධ සේවා යටතේ බඳවාගෙන  සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කළ කිසිවෙක්    2012 සිට මේ දක්වා ගුරු සේවයට ඍජුව අන්තර්ග්‍රහණය කර ගැනීමක් සිදුකර නැති බවත් මෙහිදී අනාවරණය විය.

Share69Tweet43
Previous Post

පසුගිය පැය 24 තුළ ඉහළම වර්ෂාපතනය අකුරැස්සට…

Next Post

ඩොප්ලර්  රේඩාර්     ව්‍යාපෘතියේ කටයුතු  ජයිකා (JICA)  ආයතනය විසින්  නැවත ආරම්භ කළා… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.