අද අලුයම මාරවිල ප්‍රදේශයේදී මෝටර් රථයක් අනතුරට ලක් කරමින් ගමන් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සුඛෝපභෝගී ජීප් රථයට අනතුරට ලක් කළ වාහනයේ ගමන් කරමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයා විසින් යකඩ පොල්ලකින් පහර දීම සම්බන්ධව එම ව්‍යාපාරිකයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අද අළුයම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා උත්සවයකට සහභාගිවීම සඳහා දංකොටුව බලා යමින් සිට ඇත. වේගයෙන් ධාවනය වූ අමාත්‍යවරයා ගේ සුඛෝපභෝගී ජීප් රථය පාලනයෙන් ගිලිහී මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී තවත් වාහනයක හැප්පී තිබේ.
එහි ගමන් කරමින් සිට ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු රථයෙන් බැස බලද්දී සිය වාහනයට සිදුවු හානිය දැක තිබේ. ඉන් පසුව ජිප් රථය දෙස බලද්දී එහි ගමන් කරමින් සිටින්නේ සනත් නිශාන්ත බව දැක ඇත.
තම රියට සිදුවූ හානියත්, ජිප් රථයේ සිටි සනත් නිශාන්තත් දැකීමෙන් කෝපයට පත් වූ ව්‍යාපාරිකයා සිය වාහනයෙන් යකඩ පොල්ලක් ගෙන ජිප් රථයට පහර දෙන්නට පටන් අරන් ඇත.
කෙසේ වෙතත් මේ වනවිට අනතුර සිදුකළ සනත් නිශාන්තට ගැටලුවක් නැති අතර අනතුරට ලක් වී සනත් නිශාන්තගේ වාහනයට පහර එල්ල කළ කෝටිපති ව්‍යාපාරිකයා පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.