අද දහවල් තන්තිරිමලේ වැව් බැම්ම මත දී තිරික්කල් පෙළක ගමන් කළ තිරික්කල් 05ක් බස් රථයක ගැටී සිදුවන අනතුරින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ සිව් දෙනා අතර සිටි වයස අවුරුදු 22ක් වූ තරුණයෙක් මිය ගොස් තිබේ.
පුත්තලම ප්‍රදේශයේ මළ ගෙදරකට සහභාගී වීම සඳහා පිරිසක් රැගෙන ගිය බස් රථයක් තිරික්කල් 05ක ගැටී සිදුවූ මෙම අනතුරින් තිරික්කල් පදවමින් සිටි තිදෙනෙක් සහ ගමන් කළ තරුණයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
මිය ගොස් සිටියේ තුවාල ලැබූ තරුණයාය.
අනතුරින් තිරික්කල් අදින ලද ගවයින් 04ක් තුවාල ලබා තිබේ. බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණි.







