ඩොලර් අර්බුදය දැවැන්ත ගැටලුවක් නොවන බවත් එය කඩිනමින් විසඳා ගත හැකි එකක් බවත් කර්මාන්ත ඇමැති එස්.බි දිසානායක මහතා පවසයි.
විමල් වීරවංශ මහතා හෙබවූ කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඊයේ ඔහු ඉවත් කිරීමත් සමඟ එම කැබිනට් ඇමතිධූරයට පත්කෙරුණේ එස් බී දිසානායක මහතායි.
වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව අමාත්‍ය ධුරයක් නොදැරූ එස් බී දිසානායක මහතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.
“ඩොලර් අර්බුදය ටක් ගාල විසඳගන්න පුළුවන්. ඩොලර් අර්බුදය එහෙම ලොකූ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ගැන තීන්දුයි ගන්න ඕනේ. ඩොලර් අර්බුදය බේරගන්න එක අමාරු නැහැ” යැයිද අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.







