ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් උණ, ඇගපත වේදනවා, ඇස් යට වේදනවා පවතින්නේ නම් රුධිර පරික්ෂාවක් කර ගන්නැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ජනතාවට දැනුම් දී සිටියි.
කොළඹ ජාතික රෝහලේ සෑම වාට්ටුවකම ඩෙංගු රෝගීන් 10 දෙනෙකු පමණ මේ වන ප්‍රතිකාර ලබන අතර ඩෙංගුරෝගීන්ගෙන් සියයට 30 – 40 අතර සංඛ්‍යාවක් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුව ඇතැයිද විශේෂඥවරයා පැවසීය.
උණ පවතින්නේ නම් හා රුධිර පට්ටිකා සංඛ්‍යාව 130,000ට වඩා අඩු වන්නේ නම් හා ඒ ආසන්නට පැමිණෙන්නේ නම් වහාම රෝහල් ගත වීම ඉතාමත් යෝග්‍ය වන්නේ යැයිද වෛද්‍ය දිසානායක සදහන් කරයි.
එසේම උණ වැළදුණ පුද්ගලයෙකුගේ උදරයේ දකුණු පැත්තේ යම් වේදනාවක් දැනෙන් නම් එය ඩෙංගු කම්පන තත්ත්වයේ ලක්ෂණයක් විය හැකි බැවින් වහාම රෝහල් ගත වීම අනිවාර්ය වන්නේ යැයිද හෙතෙම අවධාරණය කළේය.







