ශ්‍රියානි විජේසිංහ –
ඩෙංගු මදුරුවාගේ හැසිරීම් රටාවේ සහ ජීවන රටාවේ වෙනස් කම් හඳුනා ගැනීමේ විශේෂ පර්යේෂණයක් වෛද්‍ය පර්යේෂණ ආයතනය ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මෙම පර්යේෂණ වාර්තාව තව නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
ඩෙංගු මදුරුවාගේ කීට අවස්ථාවේ සිට මිනිසාට දෂ්ඨ කරන කාල සීමාවන් දක්වාම හැසිරීම, වැඩිවශයෙන් සිටින ස්ථානයන් , දෂ්ඨ කරන වේලාවන් , ආහාරය ලෙස වැඩිවශයෙන් ගන්නා දේ , වැඩිවශයෙන් බෝවන ස්ථානයන්, සහ ප්‍රදේශයන් යනාදිය මෙම පර්යේෂණය තුලින් හදුනා ගැනීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය..
මෙම පර්යේෂණයෙන් අනතුරුව ඩෙංගු රෝගයට තවදුරටත් මෙරට තුළ වසංගතයක් ලෙස පැතිරීමට ඇති ඉඩකඩ අවම කරලීය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.