පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව දේශපාලන සංධානයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ වී ඇත.
ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි ගොඩනගන නව සන්ධානය සමග ප්‍රධාන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් රැසක් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බවත් එහි වර්ණය බොහෝ විට කහ වර්ණය විය හැකි බවත් නව සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන පොදුජන පෙරමුනේ මන්ත්‍රිවරයෙක් ලංකාසරට පැවසීය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ පෙරමුණු හා සන්ධාන අරත පුළුල්ම හා විශාලතම සන්ධානය මෙය බවත් ඒ සඳහා කිසිවෙක් අපේක්ෂා නොකරන ආකාරයේ පක්ෂ නායකයින් මෙන්ම රටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රභූන් රැසක් එක්වීමට නියමිතව සිටින බව හෙතෙම සඳහන් කළේය.







