දිනසේන රතුගමගේ
දෙමළ ජාතික සන්ධානය තුළ පවතින අර්බූද උග්‍ර වීමත් සමගම එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහාම කැදවීමට 24 දා තීරණය කොට තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 26 වෙනිදා වවුනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අගෝස්තු මස 29 දා පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිසිංහම් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පැවැත්වෙන සෑම අවස්ථාවකදීම පැවැත්වෙන්නේ එම පක්ෂයට හිතෛෂී ව්‍යාපාරිකයෙකුගේ නගරයේ පිහිටි වන්නි ඉන් හෝටලයේ වූවත් මෙවර එම රැස්වීම පැවැත්වෙන්නේ වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රින්සස් රෝස් ගාර්ඩන් සුඛෝපභෝගී හෝටලයේය.
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත් කිරීමේදී පක්ෂයේ බහුතර කැමැත්ත නොවිමසීම පක්ෂයේ ප්‍රකාශක තනතුරෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉවත් කොට එය සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට ලබා දීමට තීරණය වීම පක්ෂයේ ජාතික සංවිධායක තනතුරෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉවත් කොට එය සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාට ලබා දීම ශෂිකලා නඩරාජා මහත්මියට වූ අසාධාරණය ඇතුලු ප්‍රශ්න ගණනාවක් මෙවර මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති නිසා මෙවර එම සාකච්ඡාව උණුසුම් වියහැකි බව දෙමළ ජාතික සන්ධානයේ වන්නියේ මන්ත්‍රීවරු කීප දෙනෙකුම සදහන් කළහ.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඇතුලුව එම පක්ෂයේ උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරු හා පක්ෂයේ උප සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහ ලේකම් කේ .තුරෙයිසිංහම් ඇතුලු පිරිසද සහභාගී වීමට නියමිතය.