අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් මන්ත්‍රිවරුන්ට අගමැති මහින්දගෙන් අපූරු දේශනයක්

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • මොන ඇමතිකම කළත් හරියට මන්ත්‍රීකම නොකළොත් ජනතාව ඊළඟ පාර ගෙදර යවනවා
  • සමහර තැරුණ මන්ත්‍රිවරුන් වැඩ කරන්න ඇමතිකමක් ඕනෑ කියනවා
  • ලැබුණු ඇමතිකම මැටිද සියඹලා ද බලන්නේ නැතිව වැඩකරන්න
  • පාර්ලිමේන්තු එනවා කියා ගෙදරින් ඇවිත් වෙන ගෙවල්වල හිටිය මන්ත්‍රිවරුත් ඉන්නවා
  • ඇමතිකම් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මන්ත්‍රිලාට විපක්ෂයේ ඉන්නත් බෑ

“ ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හදන්න. මොන බලසම්පන්න ඇමතිකම තිබුණත්, තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහෙතේ වැදගත්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත් වූ නවක මන්ත්‍රිවරුන්ට වැදගත් උපදේශයක් ලබා දුන්නේය.

ඒ ඔවුන් වෙනුවෙන් පාර්ලිමේනතුව විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු, විපක්ෂ නායකවරයකු අගමැතිවරයකු ලෙස මේ රටේ විධායක ජනාධිපතිවරයකු ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ පවතින අත්දැකීම් එක්කරගනිමින් මන්ත්‍රීවරුන් ඇමතු අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

“මට මතක් වෙනවා අවුරුදු 50කට උඩදි මමත් ඔය වගේ වාඩි වෙලා හිටියා. අපි තරුණ මන්ත්‍රීවරුන් විදිහට වාඩි වෙලා ඉන්න කොට මේ වගේ දේශන අපිට වදයක් උනා. ඔබටත් හිතෙනවා ඇති මේ මොන ලෙඩක්ද කියලා. මේ අපි දන්න දේවල්නේ කියලා හිතෙනවා ඇති. නමුත් පුරුද්දක් විදිහය නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම හැම කාලෙම සිදු කරනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මට මතකයි මගේ පියා කියනවා එතුමා ප්‍රථමවරට පාර්ලිමේන්තු ආපු වෙලාවේ, ඒ කාලේ තිබ්බේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව වටේ හැමෝම එක්කන් ගිහින් පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරපු විදිහ. පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඔබට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළදී. පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.

මේ පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු 82ක් තියෙනවා. 2010, 2015 දී වගේම 2020 දීත් අලුත් මුහුණු විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඇතුළුවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි ප්‍රාදේශීය සභාව දක්වාම අපි එහෙම අලුත් මුහුණු ගේන්න කටයුතු කරලා තියෙනවා. විවිධ ජාතීන්වල, විවිධ ආගම්වල, විවිධ පන්තිවල, විවිධ තරාතිරම්වල අය දේශපාලන ලෝකෙට ඇවිත් අපි මේ දේශපාලනය වර්ණවත් කරලා තියෙනවා. මේ රටේ දේශපාලනයේ මම දකින වාසනාවන්තම දේ මේ අලුත් මුහුණු පැමිණීම බව මම කියන්න ඕනෑ.

පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි මහ ඡන්දයක් බව අපි කවුරුත් දන්නවා. ඒ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 2/3ක බහුතරයක් ගත්ත නිසා පමණක් නෙමෙයි. 1946 ආරම්භ වූ පැරණිම දේශපාලන පක්ෂය වූ යූඇන්පීයට පසුගිය මැතිවරණයෙන් ආසනයක්වත් ගන්න නොලැබුණ එකත් පුදුම සහගත දෙයක්. ඒවා ඉතිහාසයට එකතුවෙන්න ඕනෑ කරුණු පමණයි. නමුත් අනාගතයට හොඳ පණිවිඩයක් මේ ඡන්දයෙන් ජනතාව අපිට දීලා තියෙනවා.

මේ ඡන්දෙදි කිසිම දේශපාලන පක්ෂයකට සල්ලි බලෙන් ලොකු ප්‍රචාරක වැඩ කරන්න ලැබුණේ නෑ. පෝස්ටර් නෑ. කටවුට් නෑ. සංදර්ශන නෑ. පෙළපාලි නෑ. බස් දාලා සෙනග ගෙන ඒම් නෑ. හැම තැනකම සෞඛ්‍ය නීති රීති අනුව තමයි වැඩ කළේ. නමුත් ජනතාව 71% ඡන්ද පොළට ඇවිත් තමන්ගේ ඡන්දය දුන්නා. ඒක අනාගතයට දුන්න ලොකු පණිවිඩයක් කියලා මම කියන්න ඕනේ. මේකෙන් පේන්නේ ජනතාව රටට තියෙන ආදරේ වගේම නිවැරදි වැඩපිළිවෙළකට, ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ගෞරවයයි.

අපි බලන්න ඕනේ මේ වතාවෙ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නෙ නැත්නම් එයාව ගෙදර යැව්වා. මහා දේශපාලන පරපුරකින් පැවත ආවත් වැඩක් නැත්නම්, වැඩ බැරි නම් ගෙදර යැව්වා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්න කියල හිතන්නත් එපා. උගත්කම වගේම රටට ආදරේ නම්, වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව දැන් ඡන්දය දෙන්නේ. ඉදිරියටත් ජනතාව කටයුතු කරන්නේ එහෙමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මං මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ තරුණ වුණාට, තනතුරක් තිබුණට, පරපුරක් තිබුණට, උගත් වුණාට වැඩක් නෑ. ජනතාව පවරපු රාජකාරිය හරියට කරන්නෙ නැත්නම් ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව, වරාය ද ගුවන් සේවා ද මැටි ද සියඹලා ද කියලා හොයන්නෙ නැතිව හැමදේම එක හා සමානව සලකලා, ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න වෙයි. වැදගත්කම තියෙනවද කියන එක ජනතාවට වැඩක් නෑ. ජනතාවට ඕන වැඩ. ඒ වගේම මේ රටේ ජනතාව දැන් මන්ත්‍රී වුණා කියලා සලකන්නෙ නෑ. තමන්ගෙ වෘත්තීයභාවය දියුණු කරගන්න ඕනෑ බවයි මේ මැතිවරණයෙන් කියවෙන්නෙ.

වෘත්තීයභාවය දියුණු කරගන්න මන්ත්‍රීකම, වයස බාධාවක් කර ගන්න එපා. මම 1970 පාර්ලිමේන්තුවට තේරිලා පත්වෙලා ආවට පස්සෙ තමයි නීති විද්‍යාලයට ඇතුළත් වුණේ. මං පාර්ලිමේන්තු යන ගමන් නීති විද්‍යාලයට ගිහින් ඉගෙන ගත්තා. අද වගේ ඉන්ර්ටනෙට්, ඔන්ලයින් පහසුකම් තිබුණේ නෑ. අද මෙහේ ඉඳන් විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැති කාලයකත් මං මන්ත්‍රීකම බාධාවක් කර ගන්නැතිව නීති විභාගය කළා. 1977 පරාද වුණාට පස්සේ මට ඉතිරි වුණේ නීතිඥ කම විතරයි.

තරුණ මන්ත්‍රීවරුන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු ආපු ගමන් ඇමැතිකමක් කරන්න. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මාව හම්බෙලා කියනවා අපිට රටට වැඩ කරන්න ඇමතිකමක් දෙන්න කියලා. මතක තියාගන්න ජනතාව පාර්ලිමේන්තුවට තෝරලා එවන්නේ ඇමැති කෙනෙක්ව නෙමෙයි, මන්ත්‍රී කෙනෙක්ව. තමන්ගෙ නියෝජිතයෙක්ව. ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම ඇමැතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ.

මම ආණ්ඩුවල හිටපු කාලය වගේම කාලයක් විපක්ෂයේ ඉඳලා තියෙනවා. අද වගේ නෙමෙයි අපි විපක්ෂයේ හිටියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කළොත් මහපාරේ බල්ලෙක් වගේ මරලා දාපු කාලේ. විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ විලංගුවේ දාපු කාලේ. ඒ වගේ විපක්ෂවල දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා මට නම් හොඳ පුරුද්දක් තිබුණා. ඒ නිසා තමයි 2015 ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මම ගෙදර ගියේ. උතුරු නැගෙනහිර මට වැටිලා තියෙන ප්‍රතිශතය 89% කියලා දැන ගත්තාම මම කිව්වා එහෙනම් මම පරාදයි කියලා. උදේ පාන්දර 6 ට මම මැදමුලන බලා යන්න පිටත් වුණා. ඒ අපිටතියෙන දේශපාලන පුරුද්ද. ඒ වගේම වසර 04කදි ආපහු ආණ්ඩුවක් පෙරලලා බලයට ආවේ, මේ ජයග්‍රහණය ලබා ගත්තේ විපක්ෂයේ ඉඳලා අපට තිබුණ පුරුද්ද නිසා.

මගේ ජීවිත කාලේ ඉතිහාසයේ ලොකුම වගකීම් පැවරුණ මැතිවරණ දෙකක් තිබුණා. එකක් 2005 ජනාධිපතිවරණය. එදා පැවරුව වගකීම තමයි දෙකඩ වෙලා තිබුණ රට එක්සේසත් කිරීමේ දැවැන්ත වගකීම. ඒ රාජකාරිය අපි හරියට ඉටු කළා. ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් අපිට ශක්තියක් උනා. සහයෝගය දුන්නා. ඊළඟට දැවැන්තම වගකීමක් පවරලා තියෙන්නේ මේ මැතිවරණයෙන්. සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණ 2/3ක දැවැන්ත ජනවරම අප වෙත ජනතාව පැවරූ වගකීමක් ලෙස අපි භාරගන්න ඕනේ. දැන් අපිට දේශපාලන මධුසමය ගතකරන්න වෙලාවක් නෑ. වෛර පිරිමහන්න, මට සළකුවේ නෑ, මාව කොන් කළා කියමින් කන්කෙඳිරි ගාන්න වෙලාවක් නෑ.

දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කරගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු පෞද්ගලික න්‍යායපත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕනේ.

1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.

ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය. ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ බේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්.මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උරාගන්න ඕනේ. ඒවාට සත්භාවයෙන් තමන්ගේ අදහස් පළකරන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුස්තකාලය භාවිතා කරන්න. තමන්ගේ පාර්ලිමේන්තු කතාවට එය මනා පිටිවහලක් වෙනවා. පාර්ලිමේන්තු දිනයට පාර්ලිමේන්තුවය පැමිණෙන්න. ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඇවිත් නිදාගන්නවා. පාර්ලිමේන්තු එනවා කියලා ගෙදරින එනවා. පාර්ලිමේන්තුවේ ඉන්නෙ කියලත් ගෙදරට කියනවා. බලනකොට වෙන වෙන ගෙවල්වල එයාලා ඉන්නෙ. එහෙම අවස්ථා තියෙනවා. ඒවට පුරුදු වෙන්න එපා. පාර්ලිමේන්තු කටයුතු දාට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්න. අවසන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආරම්භ වූ ඔබේ දේශපාලන ගමනට සුබපතන්නත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

මේ අවස්ථාව සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ. අර්බුද උග්‍රවෙයි

Next Post

හිරේ ඉන්න පොඩි ලැසීගේ මවත් පොලිස් අත්අඩංගුවට

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.