බන්ධනාගාරගත ව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරකම්කාර පාතාල අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී නැමැත්තාගේ මව පන්නිපිටිය මායා මාවතේ නිවසක රැඳි සිටියදී පොලිස් බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඇයද මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන අතර පොඩි ලැසීගේ මත් ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතා සහ සියලු මුදල් ගනුදෙනු හසුරුවා ඇත්තේ ඇය විසින් බව මූලික විමර්ශණයන්ගෙන් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 50ක් වන ඇය තෙල්වත්ත ආන්ඩුවත්ත ප්‍රෙද්ශයේ පදිංචිකාරියක වන අතර පොලිස් විමර්ශණ ක්‍රියාත්මක වෙද්දී මෙම නිවසේ සැඟවී සිට ඇත.
ඇය පදිංචිව සිටි නිවස මීට මාස හතකට පමණ පෙර බන්ධනාගාරයේ සිට තම ගෝල බාලයන් මෙහෙයවා පොඩි ලැසී විසින් තම මවට මිලදී ගන්නට සලසා ඇති බව හෙළිව ඇති අතර මෙම නිවස රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයකට මිලට ගත් බව වාර්තා වෙයි.
මෙම නිවස පොඩි ලැසීගේ කුඩා පුතුගේ නමට ලියා ඇති අතර පසුගිය දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශණ සහ ඔවුන්ගේ කළු සල්ලි පිළිබඳව සෙවීම් වැඩි වන විට මෙම නිවස යළිත් විකිණීමට උත්සාහ දරා ඇත.
ඒ අතර ඔවුන් සතුව තිබූ වාහන දෙකක්ද රුපියල් කෝටි එක හමාරකට විකුණා ඇත. මීට අමතරව ලැසීට අයත් වන බහු දින ට්‍රෝලර් ධීවර යාත්‍රා හතරක්ද තිබෙන බවට පොලිසිය ට තොරතුරු ලැබී අති අතර මේ පිළිබඳව විමර්ශණය කරමින් පවතී.
එමෙන්ම 2019 වසරේදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලිණ ජයරත්න ඝාතනයට ලැසීගේ ඇති සබඳතාවක් පිළිබඳව ප්‍රකාශ වී ඇති බැවින් මේ පිළිබඳවද මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කොට ඇතත් ඔහු බන්ධනාගාරය තුළ සිට සිදු කරන ලද අපරාධ පිළිබඳව තමන් නොදන්නා බවත් ඒවා පුතුගෙන් අසන ලෙසත් ප්‍රකාශ කොට ඇති බව පැවසේ.
මේ වනවිට ඇය විසින් මෙහෙයවන ලද මත්කුඩු ව්‍යාපාරය සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශණය කරන අතර මෙම ගනුදෙනු පහසුවෙන් හඳුනා ගත නොහැකි වන පරිද්දෙන් ඔවුන් බැංකු පොත් විනාශ කර ඇති බව වාර්තා වන අතර මෙම ගනුදෙනු පිළිබඳව විශේෂ විමර්ශණයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.