දිනසේන රතුගමගේ –
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීම නිසා දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන තිබෙන අර්බූදය තවත් වර්ධනය වීමේ ප්‍රතිපලයක් වශයෙන් එම පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29 ) කොළඹ පැවති සාකච්ඡාවට ආරාධනය කොට නොතිබුණි.
ශ්‍රී ලංකාවේ වගවීම ඇතුලු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මිත්‍ර පාර්ශව විසින් ලියන ලද ලිපියකින් පසුව දෙමළ ජාතික සන්ධානය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුල් හෙළිදරව් වී තිබේ.
මෙහි ප්‍රතිපලයක් වශයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේම මන්ත්‍රීවරු කීප දෙනෙකුම ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමට පටන් ගත් අතර ජිනීවා නුවරට යවන ලද ලිපිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පිරිස විසින් දක්වන ලද අදහස් එකිනෙක පරස්පර විය.
කෙසේ වෙතත් මේ අර්බුද හා දෙමළ ජාතික සන්ධානය විසින් මීළගට ගනු ලබන තීන්දු තීරණ සාකච්ඡා කිරිම සඳහා කොළඹ පිහිටි සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවට සුමන්තිරන් මන්ත්‍රීවරයාට ආරාධනය කොට නොතිබුණි.