ලලිත් චාමින්ද –
නිවසේ දි අධ්‍යාපන කටයුතුවල නිරත නොවිම නිසා පියා විසින් සිදුකළ පහරදිමකින් 16 හැවිරිදිවියේ පසුවු පුතෙක් මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 16 හැවිරිදිවියේ පසුව ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 11 වසර ඉගෙනුම ලබන සිසුවකි. මොහු පාඩම් වැඩ සිදුනොකිරිම නිසා ඉන් කෝපයට පත් පියා කොස්සකින් මෙම පාසල් සිසුවාට පහරදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
එම පාසල් සිසුවා ඊයේ පස්වරුවේ දි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති අතර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (30) අළුයම මියගොස් ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.