පසුගිය මැයි මස 09 දා ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දී රට ගිනි තැබීමේ අපරාධය සම්බන්ධව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ වී ඇතැයි අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මෙම විමර්ශන වාර්තාව බොහෝ විට අද (01) අධිකරණයට ඉදිරිපත් වනු ඇති බවත්, ඉන් පසු ලැබෙන අධිකරණ නියෝග අනුව ඉදිරියේ කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග කියයි.
මින් පෙර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ප්‍රමාණවත් සාක්ෂි ඇතිනම් ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙසය.
එම සැකකරුවන් අතර සිටි හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුනි.
අත් අඩංගුවට ගැනීම සඳහා නම් කළ පිරිස අතරට නීතිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂගේ නම් ඇතුළත් කර තිබුණේ නැත.
මෙම ලිපියත් බලන්න…
ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..