හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා තාවකාලික සිහි විසඥ වීමක් හේතුවෙන් අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ, ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඔහුට වැළඳී ඇත්තේ අපස්මාර තත්වයක් බව ද එම ආරංචි මාර්ග පවසයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය අවස්ථාවේ වෙඩි වැදීමකට ලක් වූ දුමින්ද සිල්වා ප්‍රතිකාර ගනු ලැබුවේත් මෙමම වෛද්‍යවරිය යටතේ ය.
දුමින්ද සිල්වා රෝහල්ගත වූ බව සැලවුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට එම රෝහලට ගොස් ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවෙකු ලෙස මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වාට, ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දී තිබූ ජනාධිපති සමාව ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවූ අතර ඔහුව අත්අඩංගුවට ගැනිමට ලබා දුන් නියෝග මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදුකළ යතුව තිබිණි.
දුමින්ද සිල්වා විදේශගතව ඇති බවත් ඔහු සිංගප්පූරුවේ ගතමින් සිටින බවටත් වන වීඩියෝපට ඊයේ දිනය පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
භාරත ලක්ෂමන් ඝාතනය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ලබාදුන් සමාව අභියෝගය ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ලබා දුන් සමාව අත්හිටුවා අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කරනු ලැබුවේය.







