අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විලි ලජ්ජයි.. ජිවන් තොණ්ඩමන්  ඉන්දියාවෙන් පිනට දුන් සහන මල්ලෙන් දේශපාලන වාසි හොයයි!

තොන්ඩමන් එක්ක මේ වැඩේ කරන්න බෑ... ග්‍රාම නිලධාරීන් ඉන්දීය සහනාධාර බෙදීමෙන් ඉවත් වෙන්න යයි...

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව අසරණව සිටින ජනතාවට ඉන්දියානු රජය ලබාදුන් ආධාර බෙදාදීමේ වැඩසටහනට ලංකා කම්කරු කොංග්‍රසය  දැඩිව බලපෑම් කරන   නිසා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් මතුව තිබෙන බව  ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න   පවසයි.

මෙම ආධාර හිමිවිය යුත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් ට අවශ්‍යය අයට නොව ඇත්ත වශයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලට බව ඔහු කීවේය.

මහනුවරදී අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සංවිධායකවරයා  මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු මෙසේද පැවසුවේය.

“ඉන්දියන් රජයේ ආධාර කාටද ලැබිය යුත්තේ කියලා මුලින් නිර්ණායකයක් තිබිය යුතුයි. මේ වෙලාවේ මුළු රටේම ජනතාව ඉන්නේ අසීරුතාවෙන්. මේ තත්ත්වය තුළ මේවා ලබාදෙන්නේ කාටද කියලා තෝරන එකත් ලොකු අසීරුතාවක්. බඩගන්නට ජාති ,ආගම් බේදයක් නැහැ.  උතුරුද දකුණද වතුකරයද  කියලා වර්ග කරන්න බැහැ. මේ ආර්ථික කඩා වැටීමේ බලපෑම රටේ හැමෝටම තිබෙනවා.

තොණ්ඩමන් මන්ත්‍රීවරයා මේ ආධාර බෙදීමට ඍජුවම බලපෑම් කරනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණයක් ගෙන තිබෙනවා දේශපාලනඥයින් සම්බන්ධ වන කිසිදු වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරයේ අපි අදත් හෙටත් ඉන්නවා. රටම අසරණ වෙලා ඉන්න අවස්ථාවක ඉන්දියාවෙන් ලබා දුන්න බඩු මල්ල බදාගෙන ඒකෙන් දේශපාලන වාසි ගන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අපි ජීවන් තොණ්ඩමන්ට කියනවා මේකට ඇඟිලි ගහන්න එපා කියලා. වතුකරයේ කාටද හිමිවිය යුත්තේ කියන එක රජයේ නිලධාරීන් බලාගනියි.

මේ වෙලාවේ වසම තුළ සිටින අන්ත දුප්පතා කවුද කියලා ග්‍රාම නිලධාරිවරයා දන්නවා. ඒත් රජයට තාමත් බැරිවෙලා තිබෙනවා මේ ආධාර බෙදීම සඳහා නිර්ණායක ඉදිරිපත් කරන්න. අමාත්‍යාංශ ලේකම්,දිසාපති හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වෙලා නියෝග පැනවූවාට නිර්ණායක දීලා නැහැ. මේ ගෙනාපු බඩු දැනට පන්සල් වල හා වෙනත් ගබඩා වල තැන්පත් කරලා තිබෙනවා. මේවා එහාට මෙහාට ගෙනියන්න නාටාමි වැඩ කරන්න ග්‍රාම නිලධාරිවරු සූදානම් නැහැ. වාහන සහ බහුකාර්ය නිලධාරීන් යොදාගෙන අවශ්‍යය තැන් වලට ඒවා ප්‍රවාහනය කරලා දෙන්න ඕන.

ආධාර හිමිවිය යුතු  පුද්ගල නාම ලේඛණ අපි ලබාදී තිබෙනවා. මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් කරන වැඩක් නිසා අපි මේකෙන් ඉවත් නොවී සේවයේ ඉනන්වා. ඒත් අවශ්‍යය පහසුකම් ලබා දෙන්නේ නැත්නම් ඉන්දියානු ආධාර බෙදාදීමේ වැඩසටහනින් අපි ඉවත් වෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ  සභාපති සුමිත් කොඩිකාර,එම සම්මේලනයේ ජාතික සංවිධායක ඒ.බී බස්නායක යන මහත්වරුද සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස්ගතව බව කී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ… අපස්මාර තත්වයක් ලු…  සීඅයිඩී ය  රෝහලට යයි….

Next Post

නීතිපති නියමයෙන් දේශබන්දු මාරු නොකළ හේතුව කියන්න පොලිස්පති උසාවි යයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.