සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජී.එස්.පී ප්ලස් “  යුරෝපා දූතයෝ ලොහාන්ගේ බන්ධනාගාර මැරකම යළි යළිත් විමසති!

by editor
ඔක්තෝබර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අත්අඩංගුවේ දී මිය ගිය සිරකරුවන් ගැන තොරතුරු සහිත ලිපිගොනු බලලා..

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නැතිව බන්ධනාගාරගත කර ඇති පුද්ගලයින්ගේ තොරතුරු අධීක්ෂණය කරලා…

  • ලොහාන් තවමත් රාජ්‍ය ඇමති ධුරයක් දරන්නේ කෙසේ දැයි අහලා…

ජී.එස්.පී ප්ලස් සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින දූත පිරිස ශ්‍රි ලංකාවේ නියෝජිතයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල දී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ   සම්බන්ධ වූ සිදුවීම පිළිබඳව දීර්ඝ ලෙස වාචිකව ප්‍රශ්න කර ඇත.

ශ්‍රි ලංකාව පාර්ශ්වයෙන් ඔවුන් සමඟ කරුණු දැක්වීම සඳහා  ක්‍රියාකාරී කණ්ඩායමක් රජය මඟින් පත් කරන ලද අතර එම කමිටුව සමඟ පැවති සාකච්ඡාවලදී මේ ගැන ප්‍රශ්න කළ බවත් ඔවුන් ඇසු ප්‍රශ්න පිළිබඳව සැලකීමේදී ඔවුන් මෙරටට පැමිණීමට පෙර සිටම මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා තිබූ  බවට විශ්වාස කරන බවත් ලංකාසරට කරුණු දැක්වූ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම වාචික ප්‍රශ්න කිරීම්වලදී මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ එහි පවතින ප්‍රගතිය පිළිබඳව ද විමසූ අතර ඔහු තවදුරටත් රාජ්‍ය ආමත්‍යවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව සහ ඔහු ගේ ක්‍රියාකාරකම් පිළිබඳවද විමසා ඇත.

මෙහි දී ශ්‍රි ලංකාව පාර්ශ්වයෙන් ඊට සහභාගී වූ නිලධාරීන් කණ්ඩායම මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරියකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බව පෙන්වා දී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද එම විමර්ශනවල දී ලද  ප්‍රගතිය ඊළඟ ඇගයීම්වලදී දූත පිරිසේ අවධානයට යොමු වීමට බොහෝ විට ඉඩ ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

එම සාකච්ඡාවලදී මෙම දූත පිරිස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බවද  සඳහන් කර ඇති අතර ඉදිරියේදී සිදු කෙරෙන  නීති සංශෝධනවලදී එය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කර ඇත.

එසේම පසුගිය කාලය තුළ අත්අඩංගුවේ සිටි සැකකරුවන් මිය යාමේ සිදුවීම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධ ලිපි ගොනුද පරික්ෂා කළ බව දැන ගන්නට තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී යට ….

Next Post

තිස්සමහාරාමයේ දුටු ආගන්තුක නූල් කැටි අම්පාර අහසත් වසාගෙන….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.