රජය විසින් පිහිටුවීමට යෝජිත ජාතික සභාවට එක් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධව ඔවුන් සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීම ඉදිරි දින කීපය තුළ සිදුවනු ඇතැයි වාර්තා වේ.
තමන් මෙම ජාතික සභාව සමග එක් නොවන්නේ ආණ්ඩුව විසින් විශාල ඇමති මණ්ඩලයක් පත් කරගෙන ජනතාව මර්ධනය කරමින් සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් බව එම පක්ෂවල ප්‍රකාශකයින් මූලික වශයෙන් දන්වා තිබේ.
ජාතික සභාව පිහිටුවීම සඳහා පත් කරන කමිටුවේ විශේෂ රැස්වීක් අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.