ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 20ක හිඟයක් ඇති බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසයි.
එබැවින් විදුලිය වැඩි වශයෙන්ම භාවිතා කරන රාත්‍රී හතේ සිට අටයි තිහ අතර කාලය තුළ විදුලිය අරපරිස්සමින් පරිහරණය කරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
“කෙසේ වෙතත් විදුලි බිඳවැටීමකට ඉඩ නොදී අප එය කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. “ ඇමති ලොකුගේ කීවේය.
ඊයේ උපරිම විදුලි ඉල්ලුමක් තිබුණේ රාත්‍රී හතට බවත් එය මෙගාවොට් 272.1ක් බවත් විදුලිබල මණ්ඩලය කියයි.