ඉල්ලීම් කීපයක් මුල් කරගෙන ලියාපදිංචි ගුරු සංගම් 11න් සම්ගම් 08ක විදුහල්පතිවරුන් 11000ක් දෙනා අරඹා ඇති සංකේත වැඩවර්ජනයට නිසි පිළිතුරක් නොලැබුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගකයට යන බව විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ගුරු වැටුප් විෂමතා ඉවත් කරමින් පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ 3/216/4 රාජ්‍ය වැටුප් සංශෝදධන චක්‍රලේඛණයෙන් තමන්ට මූල්‍ය අසාධාරණයක් සිදු වී තිබීම නිවැරදි කරගැනීමටත්, ගුරු සේවයේ 418 දෙනෙක් සම්මුඛ පරීක්ෂණ මත පදනම්ව පමණක් විදුහල්පති සේවයට බඳවා ගැනීමට එරෙහිව මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව අද කොළඹ දී මාධ්‍ය අමතා පැවසීය.
ඔහු පවසන්නේ අද දින පවත්වන සංකේත වැඩවර්ජනයෙන් අනතුරුව පෙබරවාරි 03 වනදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවය.