ඇෆ්ගනිස්ථාන පාලනයේ සිටින තලේබාන් දූත පිරිසක් යුරෝපයේ සුවිශේෂී සංචාරයක යෙදී සිටී. ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා මානුෂීය ආධාර ඔස්සේ සම්බන්ධ වීම සඳහා නෝර්වේහිදී බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගැනීමෙන් පසු යුරෝපයේ පළමු නිල සංචාරයේ නිරත වූ තලේබාන් සංවිධානය, සංචාරයේ අවසන් දිනයේ දී ජාත්‍යන්තර පිළිගැනීමක් සහ මූල්‍ය ආධාර ඉල්ලා බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ ඔස්ලෝහිදී සාකච්ඡා පැවැත්වීය.
ඇෆ්ගනිස්ථානයේ යුරෝපීය සංගමයේ විශේෂ නියෝජිත තෝමස් නික්ලසන් ට්විටර් හි සටහනක ලියා ඇත්තේ ‘අධ්‍යාපන වර්ෂය මාර්තු මාසයේ ආරම්භ වන විට රට පුරා සිටින පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් සඳහා ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා ප්‍රවේශ විය හැකි බවට’ ඔවුන් අවධාරණය කර ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ ඇෆ්ගන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු විසින් ‘ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර දිගටම ලබාදීමට’ යුරෝපා සංගමයේ කැපවීම ප්‍රශංසා කරන ලද ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමිනි.
ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකිගේ නායකත්වයෙන් යුත් තලේබාන් දූත පිරිස ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බර්ට්‍රන්ඩ් ලොතොලරි, බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිත නයිජල් කේසි සහ නෝර්වේ විදේශ අමාත්‍යාංශයේ සාමාජිකයින් ද හමුවිය.
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී නෝර්වීජියානු අගමැති ජොනස් ගාර් ස්ටෝර් පැවසුවේ මෙම සාකච්ඡා ‘බැරෑරුම්’ සහ ‘අව්‍යාජ’ ඒවා වූ බව පෙනී ගිය බවයි. “අපට මාර්තු මාසයේදී ගැහැණු ළමයින් නැවත පාසලට පැමිණෙනු දැකීමට අවශ්‍ය බව අපි පැහැදිලි කළෙමු. එසේම 12 ට වැඩි දරුවන් ද පාසල් යනු දැකීමට අවශ්‍යයි. අපට මානුෂීය ප්‍රවේශය දැකීමට අවශ්‍යයි” යැයි ද ඔහු පවසා තිබේ.
ජාත්‍යන්තර පිළිගැනීම සඳහා පියවරක් ලෙස මෙම සතියේ සාකච්ඡා ඔස්ලෝ අසල හෝටලයක පැවැත්වුණු මෙම සාකච්ඡා තලේබාන් සංවිධානය අගය කර ඇත.
තලේබාන් විදේශ අමාත්‍යවරයා සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ මෙසේ පැවසීය: ‘නෝර්වේ අපට මෙම අවස්ථාව ලබා දීමම ජයග්‍රහණයක් වන්නේ මෙමගින් අපි ලෝකය සමඟ එකට හිටගත් නිසයි. “මෙම රැස්වීම්වලින් අපි ඇෆ්ගනිස්ථානයේ මානුෂීය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහයෝගය ලබා ගැනීමට හැකි වු බව විශ්වාසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔස්ලෝ හි පැවති රැස්වීමෙන් බොහෝ දෙනෙකුට හිසරදයක් වී ඇති බව තමා දන්නා නමුත් එය ‘මානුෂීය ව්‍යසනය’ වළක්වා ගැනීමේ පළමු පියවර බව නෝර්වේජියානු අගමැති පැවසීය. ‘විකල්පයක් ඇත්නම් ඒ ඇෆ්ගනිස්තානය හැර යාමයි… එය කුසගින්නෙන් පෙළෙන දරුවන් මිලියනයක් අතහැර දැමීමක්… විකල්පයක් නෑ. ලෝකය යන අතට යන්න අපිට සිද්ධ වෙනවා.’