දරුවන් අතර කොවිඩ් වයිරසය ආසාදනය වීම ඉතා සීඝ්‍ර ලෙස සිදුවන බවත් පසුගිය සතියට වඩා මේ සතිය තුළදී ආසාදිත දරුවන් තුන් ගුණයකින් ඉහළගොස් ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
මේ වන විට රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 80ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් වයිරසයට ආසාදනය වන දරුවන්ගෙන් සැලකිය යූතු පිරිසක් රෝගය සුව වූ පසුව බහු ඉන්ද්රිය අකර්මන්‍යතා රෝගයට ගොදුරු වීමේ වැඩි නැඹුරුවක් තිබෙන බවත් මෙය ඇතැම් විට මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු පවසයි.
කොවිඩ් වයිරසයෙන් දරුවන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය ආරක්ෂිතව හැකි පමණ දරුවන් නිවෙස්තුලම රඳවා ගැනීමට කටයුතු කරන්නැයිද විශේෂඥවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.