බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන සිටීනම් එම දරුවන් හැකි ඉක්මනින් නිවෙස් වෙත පිටත්කර හරින ලෙස හාම්පුතුන්ට දැනුම් දෙන බවත් ඊට අවනත නොවන අය සම්බන්ධයෙන් ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවත් ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාල වයස්කාර දරුවන් විශාල සංඛ්‍යාවක් මෙහෙකාර සේවයේ නිරතව සිටින බවට තොරතුරු හෙළිව තිබෙන බව කියන ඇමතිවරයා පළාත් අතර පොදු ප්‍රවාහන සේවා දැන් ආරම්භ වී තිබෙන නිසා එම දරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර යැවීම සඳහා හාම්පුතුන්ට කිසිදු බාධාවක් නොමැති බවත් පෙන්වා දෙයි.
මෙම දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම නතර කිරීම සඳහා පවතින නීති තදින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
දරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර හැරීමට ලබාදී තිබෙන කාලය තුළ හාම්පුතුන් කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්නා බව කියන ඇමතිවරයා ඊට ප්‍රතිචාර නොදක්වන හාම්පුතුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් වැටලීම් සිදුකරනු ඇති බව කීවේය.