බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කිසිම දවසක ජාතිය පාවා දෙන්නේ නෑ… ගිවිසුම් සියල්ල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි… විජිත පාර්ලිමේන්තුවට කියයි!

by editor
අප්‍රේල් 8, 2025
in පුවත්
vijitha-herath-
Share on FacebookShare on Twitter

 ජාතික ජන බලවේගය රටේ ස්වයිරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ජයග්‍රහණ ප්‍රමාණයක් අත් පත් කරගත් දේශපාලන ව්‍යාපාරයක් බවත් ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිම ආකාරයකින් රටේ ස්වයිරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය අභියෝගටයකට ලක් කරන කිසිම ගිවිසුමක් කිසිම රටක් සමග අත්සන් නොකෙරෙන බව සහතික වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග අත්සන් කළ ගිවිසුම් සහ පැමිණි එකඟතා සම්බන්ධව දීර්ඝ ලෙස පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් විජිත හේරත් ඇමතිවරයා පැවසුවේ මේ ගිවිසුම් ඕනෑම පුද්ගලයෙකුට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත හැකි බවය.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

” දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වුනා. ඒ වගේම දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ, ඩිජිටල්කරණය පිළිබඳව, දේශපාලන සම්බන්ධතාවය පිළිබඳව, බල ශක්තිය පිළිබඳව, කෘෂිකාර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ආයෝජනය පිළිබඳව, ප්‍රවාහනය පිලිබඳව, විවිධ ක්ෂේත්‍ර පිළිබඳව, යම් විශේෂ ව්‍යාපෘති ගණනාවකට සුබවාදී මැදිහත්වීමක් ලබා දුන්නා.”

“මේ ගමන හරහා ශ්‍රී ලංකා වාසී ජනතාවට වාසි රාශියක් ලබා දීලා තියනවා. ඒ අතර ප්‍රධාන එකක් තමයි අපි ඉන්දියාවෙන් පහුගිය කාලය තුළ ද්වී පාර්ශවික වශයෙන් ණය ලබාදීලා තියබුණා. මම කියන්න සතුටුයි මේ සභාවට මේ ඉන්දියානු රජය එකඟවුනා සහ දෙපාර්ශවය අතර ගිවිසුමකට අත්සන් කළා ද්ව පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කරණයට.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“පසුගිය මාස 06ට පමණක ඩොලර් මිලියන 100ක පමණ ණය ප්‍රමාණයක් ආධාර බවටත් පරිවර්තනය කරලා තියනවා. එක් පැත්තකින් ණය ප්‍රතිව්‍යුහගත කළා. අනෙක් පැත්තේන් සමහර ණය ආධාර බවට පත් කළා.”

පසුගිය ආර්ථික අර්බුදය සමයේ ඉන්දියාව ණයක් ලබා දුන්නා. ඒ සඳහා අපේ පැත්තෙන් අපේ යෝජනා ඉදිරිපත් කළා. ණයේ පොලී ප්‍රතිශතය අඩු කරලා නැවත ගෙවීම සඳහා ලබා දෙන කාලය දීර්ඝ කරන්න. පහුගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ මාස 6කට දික් කළා. නැවත එම ණය පහසුකම දික් කරන්න ඉල්ලුවා. ඉන්දීය අගමැතිවරයා ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දුන්නා ණයේ පොලි අනුපාතය අඩු කරලා ණය ගෙවන කාල සීමාව වැඩි කරලා දෙන්න. ආර්ථික වශයෙන් බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දීලා හිටිය අපේ රටේ ජනතාවට ඇත්තටම සහනදායි උදව්වක්.

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් කෝටි 60ක ආධාරයක් ලබාදුන්නා. ඒක මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතාම ඉහළ සේවාවක්.

මහව ඕමන්ත ඉන්දීය මාර්ගය පසුගිය වකවානුවේ අපට ඉන්දීය ණයක් ලෙස ලබා දුන්නා. එම දුම්රිය මාර්ගය ඉදි කිරීමත්, දුම්රිය සංඥා පද්ධතිය සවි කිරීමත්. එම ණය ආධාරයෙන් මහව සිට අනුරාධපුරය දක්වා කලින් ණයක් ලෙස පැවති සංඥා පද්ධතියට අදාල ඩොලර් මිලියන 14.9 ක මුදල මුලුමනින්ම ප්‍රදානයක් බවට පත් කළා. දැන් ඒක ණයක් නොවෙයි.

මේ ගමන තුළින් අනුරාධපුර ඓතිහාසික පූජා නගරයට විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කළා. අටමස්ථානාධිපති ඇතුළු මහා සංඝරත්නයට පොරොන්දු දුන්නා ඒ සම්බන්ධව මූල්‍යාධාර ලබා දෙන බවට.

ත්‍රී කුණාමලය කෝණේෂ්වරම් කෝවිල ප්‍රතිසංස්කරණයට වෙනම මූල්‍යාධාරයක් ලබා දෙන්න එකඟවුනා. ඒක මේ රටේ හින්දු භක්තියන්ට විශාල සහනයක් වේවි.

ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර කාලාන්තරයක් පැවතුන ආගමික ඓතිහාසික සම්බන්ධය තවත් ශක්තිමත් කිරීමටත් සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට නුවරඑළිය සීතා එළිය දේවස්ථානය වැඩිදියුණු කරලා එම ප්‍රදේශයත් පුළුල් කරලා ඒ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනියන්න එකඟතාවය පල කළා.

දඹුල්ල ප්‍රදේශයේ ආරම්භ කරපු ශිතාගාර පද්ධති ව්‍යාපෘතිය විවෘත කිරීමත් සිදුකළා. එය කලින් පටන් ගත්ත ව්‍යාපෘතියක් අවසන් කරලා තිබුණේ නෑ. ඒ කටයුත්ත අවසන් කරලා ඉන්දීය ආධාරයක් විදිහට ලැබුණා.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ආරම්භක මුල් ගල තැබුවා. මෙගාවොට් 120ක ධාරිතාවෙන් යුතු විදුලි බලාගාරය ඉදිවෙනවා. විදුලි බල මණ්ඩලයත් ඉන්දියානු සමාගමත් ඒකාබද්ධව ඉදිකරන සමාගමක් හරහා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ හරහා අපේ විදුලි පද්ධතියට මෙගාවොට් 120ක බලශක්තියක් ඇතුළත් රකගන්න පුලුවන්. අපේ බලශක්ති අර්බුදයට එය යම් පිටුවහල් වේවි. මේක ඒකාබද්ධ ව්‍යෘපෘතියක්.

ඒ වගේම ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති ප්‍රභවයන් ලබාදීම දැනටමත් ආරම්භ කරලා තියනවා ඉන්දීය රජය. බෞද්ධ විහාරස්ථාන 5000කට දැනටමත් ලබා දීලා තියනවා. එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා වූ විවෘත කිරීම එතුමාගේ අතින් සිද්ධ වුනා.

ඊට අමතරව ඒකක 200ට අඩුව විදුලිය භාවිතා කරන විහාරස්ථාන 6280ක් අපි හඳුනාගෙන තියනවා. ඒ සඳහාත් ඉදිරියේ දී නොමිලේ විදුලි පහසුකම් ලබා දීමට දැනටමත් ඉන්දීය රජයෙන් එකඟ වෙලා තියනවා. දඹුල්ල ප්‍රදේශයේ ඒ සඳහා වෙනම ඉඩමක් අපි හඳුනාගෙන තියනවා. සියලුම පූජනීය ස්ථාන සඳහා මේ පහසුකම් ලබා ගන්න එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

ඉන්දියාවේ මහා බෝධි සමාගම කාලයක් තිස්සේ ප්‍රශ්නයක් තිබුණා. වැඳ පුදාගන්න එම විහාරස්ථානවලට එන ඉන්දියානු සහ වෙනත් බැතිමතුන්ට තමන් ලබා දෙන විදේශ ව්‍යවහාර මුදල් භාරකාර මහාබෝධි සමාගමට භාරගන්න නෛතික බලයක් තිබුණෙ නෑ. අපි ඉන්දියානු රජයෙන් මීට පෙර ඉන්දීය විදෙශ ඇමතිගෙන් ඉල්ලිමක් කළා. ඉන්දීය රජය මේකට එකඟතාවය පල කරලා අණ පනත් සංශෝධනය කළා. දැන් මහාබෝධි සමාගමට ලැබෙන විදෙස් ව්‍යවහාර මුදල් භාවිතා කරන්න නෛතික හැකියාව තියනවා.

සමාජ ආරක්ෂණ ගිවිසුම කියන්නේ ලංකාවේ ශ්‍රමිකයින් ඉන්දියාවෙ ගිහින් වැඩ කරනවා විවිධ ආයතනවල. ඔවුන් යම් කාලයක් එම ආයතනවල වැඩ කරලා ලංකාවට එනකොට වැඩ කළ කාලයට අදාලව ඔවුන්ට හිමි සමාජ ආරක්ෂණ මුදල ලබා ගන්න ගිවිසුමක් තිබුණෙ නෑ. අපි සමත් වෙලා තියනවා ඉන්දියාව ශ්‍රි ලංකාව අතර සාමාජ ආරක්ෂණ ගිවිසුම අවසන් කරන්න. අවසන් අදියරේ දැන් තියෙන්නේ. අතීතයේ අපි වැඩ කළ අයට මුදල් ලබා ගැනීම ගැනයි දැන් සාකච්ඡාව තියෙන්නේ. අනාගතයේ දී වැඩකරපු කාලය තුළ සමාජ ආරක්ෂණ මුදල ලංකාවට එද්දි නැවත ලංකාවට එද්දි ලබාගන්න පුලුවන්.

දැනටමත් ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවකයින් 1500කට සම්පූර්ණ නොමිලයේ ලබා දෙන්න එකඟතාවයක් තිබුණා. ඉන්දිය අගමැතිවරයාගේ පැමණීමෙන් පසු රාජ්‍ය සේවයට අයිති නොවන විවිධ සේවාවන්හි නියුතු තවත් 500කට එම පුහුණුව ලබා දෙන්න එකඟතාවය පල කළා.

නැගෙනහිර පළාත සංවර්ධනයට ව්‍යාපෘති 33කට අදාලව ආධාර මුදලක් කෝටි 240කට ආසන්නව ලබා දෙන්න අවබෝධතාවයකට එළඹුනා.

2025-26 වසරට අදාලව රුපියල් කෝටි 5483ක මුදලක් ලංකාව වෙනුවෙන් වෙන් කරලා තියනවා. ඒක විශාල පිටුවහලක්. අස්වැසිල්ලක්.

දැනටමත් ක්‍රෙඩිට් ලයින් එක යටතේ ඩොලර් මිලියන318ක ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපෘතිත් යම් ප්‍රතිව්‍යුහගතකරණයකට සූදානම් වෙලා තියනවා.

ඒ වගේම වතු නිවාස දස දහසකට අදාල ව්‍යාපෘතියේ බොහෝ නිවාස හදලා ඉවර කරලා තියනවා. තවත් නිවාස 4700ක වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ පිළිබඳවත් ඉන්දියානු අගමැතිවරයා විශේෂ ආධාර ලබා දෙන්න එකඟතාවය පල කරලා තියනවා.

ඇමරිකාව දැන් අපට පනවා ඇති විශේෂ බද්දත් සමග අපේ අපනයනවලට යම් බලපෑමක් වෙනවා. දැනට නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මිලියන 08ක කොටස් ප්‍රමාණයක් අපට ලැබිලා තියනවා. ඒක සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා. අපි ඉන්දියානු රජයෙන් අපි ඉල්ලුවා මිලියන 50ක් දක්වා එම කොටස් ප්‍රමාණය වැඩි කරන්න කියලා. මේ ගිවිසුම අත්සන් කළේ මීට අවුරුදු 25කට විතර පෙරාතුව. දැන් වෙළෙඳපල පලල් වෙලා තියනවා. මේ කෝටාව වැඩි කරන්න. නැතිනම් ඩොලර් මිලියන 500ක අපණයන ලබා දෙන්න අවස්ථාව වැඩි කරන්න කියලා. මෙවැනි විශාල වාසියක් ජනතාවට ලබා දෙන්න අපට හැකියාව ලැබුණා.

අවබෝධතා ගිවිසුම

මේ ගමනේදි අපි රජයන් දෙකක් විදිහට අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කරනු ලැබුවා. මේ අවබෝධතා ගිවිසුම් 07ම අත්සන් කරනු ලැබුවේ දීර්ඝ වශයෙන් ඒ අදාල අමාත්‍යාංශවල නිලධාරීන් සහ ඉන්දියානු නිලධාරීන් අතර සාකච්ඡා පවත්වලා. වසර ගණනාවක් තිස්සේ ඒ සාකච්ඡා තිබුණා. අවසන් මොහොත තෙක් අපි ඒ සාකච්ඡා ඉදිරියට අරන් ගියා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අපි අවබෝධතා ගිවිසුම් 07ක් සම්පාදනය කළා. එම අවබෝධතා ගිවිසුම් 07ම නීතිපතිවරයා වෙත යොමු කරලා නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන තියෙන්නේ.

ඉතාම පැහැදිලිව කියන්න ඕන. මේ කිසිම ලියැවිල්ලක් නීති විරෝධී ලියැවිල්ලක් නෙමෙයි. ලංකාවේ නිතිපතිවරයා විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම්.

මෙම අවබෝධතා ගිවිසුම් කියන්නේ නීතිමය බැඳීමක් නොමෙයි. දෙරට අතර අනෝන්‍ය අවබෝධය පිළිබඳව පුලුල් බැඳියාවක් ඇතිකරගැනීම පමණයි. ඕනෑම මොහොතක දී රටවල් දෙකෙන් එකකට ගිවිසුම්වලින් ඉවත් වෙන්න පුලුවන්. සමහර ගිවිසුම් වසර තුනකට වසර 5කට බලපැවැත්වෙන පරිදි අත්සන් කරලා තියෙන්නේ.

මේ අවබෝධතා ගිවිසුම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව, නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරලා නීතිපති අනුමැතියටත් යටත්ව ඒ විෂයයන්ට අදාල අමාත්‍යාංශවලට ඉදිරිපත් කරලා අමාත්‍යාංශවල අනුමැරතියටත් යටත්ව තමයි මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කරන්න යොමු කළේ. එහෙම නැතිව කැබිනට් එකට පෙන්වන්නේ නැතිව මේ කිසිම ගිවිසුමක් අත්සන් කලේ නෑ.

මේ අවබෝධතා ගිවිසුම් හරහා ආර්ථකයට විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා.

අපි අත්සන් කළා බලශක්තිය පිළිබඳ අපි අත්සන් කළා අවබෝධතා ගිවිසුම් දෙකක්. දෙකෙන් එකක් ගත්තොත් මන්නාරමේ සිට ඉන්දියාවේ මදුරෙයි දක්වා අපේ විදුලි බල පද්ධතිය ග්‍රිඩ් කනෙක්ෂන් එක ඇතිකිරීම සදහා වූ ව්‍යාපෘතිය. මේක ශ්‍රී ලංකාවේ අධිවෝල්ටීයතා අන්තර් සම්බන්ධතාව ක්‍රියාවට නැගීම සඳහාවන අවබෝධතා ගිවිසුම. මේකෙදි වෙන්නේ ලංකාවෙ අපි නිශ්පාදනය කරන අතිරික්ත විදුලියක් තියනවා නම් අපිට ඒ අතිරික්තය ඉන්දියාවට අපනයනය කරන්න පුලුවන්. මෙතෙක් එහෙම අතිරික්ත විදුලියක් නෑ. නමුත් අපි ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා අතිරික්ත විදුලියක් බලාපොරොත්තු වෙනවා. බිම්ස්ටෙක් කලාපයට විදුලිය අපනය කරන්නත් එම ප්‍රවේශය ලබා ගන්න පුලුවන්.

ඒ වෙග්ම ඉන්දියාවෙන් අපට විදුලිය අවශ්‍ය නම් ඉන්දියාවෙන් විදුලිය අපනයනය කරන්නත් පුලුවන්. මේක ආනයනය සහ අපනයනය කියන දෙකම මත පදනම් වෙච්චි අවබෝධතා ගිවිසුමක්. මෙහි කටයුතු අවසන් කරන්න තවත් පියවර ගණනාවක් තියනවා. අවසන් එකඟතාවයකට එන්නේ තාක්ෂනික කමිටු මගින්. මේ අවබෝධතා ගිවිසුමෙන් වුනේ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පමණයි. මේක අනාවර්යයෙන් විදුලිය ආනයනය කරනන් බැඳිලා නෑ. ඉන්දියාවෙන් අනිවාර්ය විදුලිය ලබා ගැනීමේ කොන්දේසියක් මෙහි නෑ. ඉන්දියාවට අවශ්‍ය වෙලාවට ස්වීච් ඕෆ් කාලාම අපි කළුවරෙ නෑ. බලශක්ති ස්වයිරීත්වය කිසිසේත්ම පාවා දෙන්නේ නෑ. එවැනි වචන වගන්ති ගොඩක් දේවල් තිබුණා. අපි ඒවා කපලා ඉවත් කරලා සාකච්ඡා කරලා අවසන් තැනට ආවා. අපේ ස්වයිරීත්වය සහ බලශක්ති ස්වයිරීත්වයත් තහවුරු කරගෙන. ඒ නිසා අනියත බියක් ඇතිවිය යුතු නෑ කිසි දෙයක් ගැන. ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අපේ බලශක්ති ස්වයිරීත්වය කිසිම රටකට අපි පාවා දෙන්නේ නෑ.

දෙවැනි බලශක්ති ගිවිසුම උනේ ත්‍රී කුණාමලය බලශක් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිම. එතැනදි අපි පැහැදිලිව එකඟ වෙලා තියෙන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි, ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රි ලංකාව අතර ත්‍රෛයි පාර්ශවික අවබෝධතා ගිවිසුමක්. රටවල් තුනක් ඒකාබද්ධව අත්සන් කළේ. ඒකෙදි අපි ඉතා පැහැදිලිව බලාපොරොත්තු වෙන්නේ තෙල් සහ ගෑස් ආනයනය කරලා ගබඩා කරලා රට අභ්‍යන්තරයට බෙදා හරින්නත්, හැකියාවක් තියනවා නම් බංකරින් සේවයට යොදා ගැනීම.

එතැනදි මේ ගිවිසුමේ කිසිම තැනක අපේ ලංකාවට ගෙන්වන ක්‍රමවේදය ගැන අවසන් නිගමනයක් අරන් නෑ. සාකච්ඡාවට විවෘත කරලා තියෙන්නේ.
ත්‍රී කුණාමලය තෙල් ටැංකි 85කට ආසන්න ප්‍රමාණයක් දිරාපත් වෙමින් තියෙන්නෙ. ඒ තෙල් ටැංකි නවීකරණය කර ගබඩා පහසුකම් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ත්‍රී කුණාමලය තුළ පිරිපහදුවක් නිර්මාණය කරන්නත් සාකච්ඡාමය එකඟතාවයක් මේ ගිවිසුමේ තියනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කරනු ලැබුවා. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයත් අතර ගිවිසුමක් අත්සන් කළා. එහි තිබෙන්නේ දෙරට අතර සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීම විවිධ පර්යේෂණ දැනුම අනෝන්‍ය හුවමාරුව පිළිබඳ එකඟතාවයක් තමයි මේක තියෙන්නේ.

අනිත් ගිවිසුම තමයි ඉන්දියන් ෆාමකෝපියා එක සමග අපේ එන්එම්ආර්ඒ එක ඇතිකරගත්ත ගිවිසුම. මේකේ ප්‍රධාන ඉලක්කය ගත්තොත් මෙහෙමයි. අදැනටමත් අපි ඉන්දියාවෙන් ගෙන්වනවා අපේ බෙහෙත් අවශ්‍යතාවයෙන් සියයට 80ක් අනික් රටවලින් ගෙන්වන්නේ සියයට 20යි. අපි ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සහතිකයක් ඕන. ලංකාවෙ එන්එම්ආර්ඒ එක හරහා සිදුවෙමින් තියනවා.
දැනටමත් අපි ගෙන්වනවා ජපානයෙන්, ඇමරිකා එක්සත් ජනපදයෙන්, බ්‍රිතාන්‍යයෙන්. ඒ රටවල ෆාමර් කෝෆියා එක්ක එකඟතාවයකට ඇවිත් තියෙනවා. අපි මේ ගිවිසුමෙන් කරන්නේ ඉන්දියාවේ ෆාමර්කෝපියා කමිෂන් එක පිළිගැනීම. ඉන්දියන් ෆාමර්කොපියා කමිෂන් එක මෙතෙක්කල් අපි පිළිගත්තේ නෑ. මේ ගිවිසුමෙන් අපි ඒ කමිෂන් එක පිළිගන්නවා. ඒක අපට විශේෂ පහසුවක් වෙනවා. ඒ ගෙනෙන බෙහෙත් අපි ලංකාවේ ආපහු අනිවාර්යයෙන් එන්.එම්.ආර්.ඒ එක යටතේ සහතිකයක් ලබා ගන්නවා. මේ ගිවිසුමෙන් සිද්ධ වෙන්නේ ඖෂධවල ගුණාත්මක භාවය ගැන ආරක්ෂාව ගැන ප්‍රමිතිය ගැන සහතියක් ලබා ගැනීම පමණයි.

ඩිජිටල්කරණය පිළිබඳ විශාල ගිවිසුමක් ඉන්දියාව ලබාගෙන තියනවා. ඒ තාක්ෂණය අපට ලබා ගැනීමට ඒ දැනුම හැකියාව පුහුණුව තාක්ෂණය අපට ලබා ගන්න. ඒක තමයි මූලික අඩංගුව ඉන්දියානු රජය සමග අපි අවබෝධකරගත්ත ගිවිසුමේ මූලික අඩංගුව.

ආරක්ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජය සහ ඉන්දීය ජනරජය අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මේක. එහෙම නැතිව ඒක ආරක්ෂක ගිවිසුමක් නෙමෙයි. මේ ගිවිසුමේ මූලික හරය අඩංගු වගන්ති කියවන්නම්.
“දෙපාර්ශවයටම අදාල අන්තර්ජාතික ප්‍රඥප්තීන් සහ දේශීය නීති සහ ජාතික ප්‍රතිපත්ති සමග නොගැටෙන අතර අන්තර්ජාතික සම්බන්ධතාවලට කිසිම අගතිදායක බලපෑමක් ඇති නොකර, මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාකාරමක් කරන විට පාර්ශවයන්ගේ දේශීය සහ හමුදාමය නීති සහ රෙගුලාසිවලට සැලකීම, රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍ය සමානාත්මතාවය සහ භෞමික අඛන්ඩතාවය උල්ලංඝණය කළ නොහැකි බව පිළිගැනීම සහ පාර්ශවයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාල මූලධර්මවලට ගරු කිරීමට දෙපාර්ශවයම කැප වී සිටී.”

” අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හරහා දෙරට අතර හමුදා නිලධාරීන් හුවමාරුව, පුහුණු කිරීම, කාර්යමණ්ඩල සාකච්ඡා, තොරතුරු හුවමාරුව, බුද්ධිමය දේපල අයිතීන් ආරක්ෂා කිරිම, පර්යේෂණ ආදී කටයුතු සිද්ධ වේ.”

“මේකෙන් වෙන්නෙ දැනටමත් සිද්ධ වෙන දේ විධිමත් වීමක්. ත්‍රස්වාදයට එරෙහිවීම සහ මිනිස් ජාවාරමට එරෙහිවීම, සහ මත්ද්‍රව්‍ය මාෆියාව මැඩපැවැත්වීම මෙම ගිවිසුම වැදගත් වෙනවා. ඒ නැතිව වෙනත් කිසිදු ආරක්ෂාව හා බැඳෙන ගිවිසුමකට අපි ඇවිත් නෑ. ”

අපේ භූමිය ඉන්දියාවට ආරක්ෂාවට තර්ජනයක් වෙන්න කිසිම භාවිතා කරන්න දෙන්නේ නෑ. චීනයටත් ඒ ආකාරයෙන්ම අපි සහතියක් දීලා තියනවා. ඒක අපේ ප්‍රතිපත්තිය.

මේ ගිවිසුම හරහා කිසිම ආකාරයකට රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑ. අපි අනිවාර්ය බැඳීමකට යටත් වෙන්නේත් නෑ. මේ අත්සන් කරනු ලැබු ලැබූ සියලුම අවබෝධතා ගිවිසුම් හරහා රටට වාසියක් ජයග්‍රහණයක් ලැබෙයි.

ඉතා පැහැදිලිව වගකීමෙන් යුක්තව මම කියන්න කැමතියි මේ රටේ ජනතාවට ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මෝදි මැතිතුමාගෙ ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයෙන් රටේ ජනතාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අපි ලබා දිලා තියනවා. ඒ ජයග්‍රහණ හරහා අපි දෙරට අතර සමාජ දේශපාලන සංස්කෘතික බැඳීම තවත් ශක්තිමත් වෙලා තියනවා. ඒ ශක්තිමත් වීම සමහර අයට ටිකක් දරාගන්න අමාරුයි. ඔවුන්ගේ පසුගාමී හඬ අපි ගණන් ගන්නේ නෑ.

අපි ඉතා පැහැදිලිව රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මේ අවබෝධතා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි. රහසිගත ගිවිසුම් නෙමෙයි. අවබෝධතාව කියන්නේ අවසන් නීතිමය බැඳීමත් නෙවෙයි. ඒ සදහා පියවර ගණනාවක් තියනවා.

ජාතික ජන බලවේගයේ අපි මේ රටේ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් ස්වයිරීත්වය වෙනුවෙන් ජීවිත පරදුවට තියලා සටන් කරලා ජයග්‍රහණ ලබා ගත්තු දේශපාලන ව්‍යාපාරයක්.

ඒ නිසා මේ රටේ ජනතාවට අපි සහතියක් දෙනවා කිසිදු ආකාරයකට කිසිදු රටකට අපිව සල්ලිවලට ගන්නත් බෑ. අපිව යටත් කරන්නත් බෑ. අපි ස්වයිරීත්වය ආරක්ෂා කරගනිමින් තමයි මේ හැම ද්වී පාර්ශවික අවබෝධතා ගිවිසුමකටම එළඹුනේ. හෙටත් එහෙම තමයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට…

Next Post

හිරේ සිට පැමිණි චාමර සම්පත් පාර්ලිමේන්තුවේ දී කළ කතාව…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.