ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කළ අවස්ථාවේ දි ඇතැම් පද වෙනස් අයුරින් ගායනාකිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බව මේ පිළිබඳව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඊයේ කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ආරම්භ වූ අවස්ථාවේ දි ජාතික ගීය ගායනා කළ ජනප්‍රියය ගායිකා උමාරා සිංහවංශ “මාතා” යන පදය “මහතා” ආකාරයෙන් ශ්‍රවනය වන සේ උච්ඡාරණය කිරීම සම්බන්ධව දැඩි විසංවාදයක් රට තුළ ඇති වී තිබිණි.








