-
සමෘද්ධිය ලබමින් අස්වැසුමට අයදුම් කළ 1,280,000ට ම සුබ සාධන දීමනා… පවුල් ලක්ෂ 887,653කට අස්වැසුම – පවුල් 393,094කට සමෘද්ධිය…
අන්ත දුගී භාවයට පත් පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන අස්වැසුම සහනාධාර ක්‍රමය යටතේ සහනාධාර ලැබීමට සුදුසු පුද්ගලයින් ලෙස ලියාපදිංචි වී ඇති පිරිසෙන් අඩකට අධික ප්‍රමාණයක් අලුතින් දරිද්‍රතා සීමාවෙන් පහළට ඇදවැටුණු දුගීන් පිරිසක් බවත් එම පිරිස පවුල් 9,04,612ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට සමස්ථයක් ලෙස අස්වැසුම ආධාර ලැබීමට සුදුසුකම් ලබා ඇති පිරිස පවුල් 1,792,265කි. ඒ අතර මෙතෙක් සමෘද්ධි දීමනා ලැබූ පවුල් 1,280,000කින් පවුල් 887,653ක් වේ.
දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අවසන් වන තුරු මෙම සමෘද්ධි දීමනාව ලබා දීමට තීරණය කර ඇත.
දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතින අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාර ගැනීම ද ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇති අතර අභියාචනා සහ විරෝධතා පිළිබඳ සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟා වීමට හැකි වනු ඇති බව ද ඇමතිවරයා පවසයි.
මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගැනීමේ හැකියාව තිබේ.
දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමි වනු ඇත.







