ලබන 25 වැනිදා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහාවන යෝජනාව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට රැගෙන එන බවත් එම අවස්ථවේ දී ජාතික ආණ්ඩුව හා එක්වන ලෙස තමා සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටීමට බලපොරොත්තුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මනෝ ගනේෂන් මින් පෙර ප්‍රකාශ කළේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමග එක්ව සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය හා එක් කිරීමට උත්සාහ කළ නමුත් විපක්ෂ නායකත්වය ඊට අනුකූලතාවයක් නොදැක්වූ බවය.
ලබන 25 දා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමේ දී ඇතිකරගත් කොන්දේසි හා ගිවිසුම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රති ත්‍රස්ත පනත ද එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊට විරෝධය පල කරමින් උතුරු නැගෙනහිර පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ සංවිධාන රාශියක් තීරණය කර ඇත.