ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට ලක් වූ විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකු මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින ප්‍රවීන මාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් අද(13) අලුයම දිවි සැරියෙන් සමුගත්තේය.
කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු සිය දිවි සැරිය නිම කරන විට 81 වන වියෙහි පසුවිය.
ඉක්බල් අතාස් මහතා ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස ද දිගු කාලයක් කටයුතු කළේය. ජාතික ආරක්ෂාව,රාජ්‍ය පාලනය,දේශපාලන බලය සහ සමාජයට බලපාන සංවේදී කරුණු ඔහුගේ ලේඛන වල ප්‍රධාන මාතෘකා විය.
බොහෝ දෙනා කතා කිරීමට බිය වූ විෂයයන් ගැන සාක්ෂි, තොරතුරු සහ විශ්ලේෂණ මත නිර්භීතව කතා කිරීම ඉක්බාල් අතාස්ගේ ප්‍රධාන ලක්ෂණයක් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
ඔහුගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.







