වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිමෙන් අනතුරුව යුධ හමුදාව යටතට පත් කෙරුණු ජනාධිපති ආරක්ෂක අංශයේ බලය අද සිට යළිත් පොලිසිය වෙත පවරා ඇත. ඒ අනුව අද සිට ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස මේ වන විට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරාපත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් නුගේගොඩ ස්ථාපිත කර තිබුණු බුද්ධි හා අවේක්ෂණ අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී. ජයලත් මහතා ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර ඇත.
රටේ පවතින තත්ත්වය මත සිවිල් කටයුතු සඳහා ය්‍රධ හමුදාවට මැදිහත්වීමේ පවතින නොහැකියාව මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මෙතෙක් පොලීසියේ 400 ක පමණ පිරිසකගෙන් සහ හමුදාවේ විශාල පිරිසකගෙන් සමන්විත ජනාධිපති සිය ආරක්ෂක අංශය ක්‍රියාත්මක වූයේ හමුදාවේ මේජර් ජනරාල්වරයෙකුගේ අණට යටත්වය.
දැනට එහි සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් කණ්ඩායමට අමතරව ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණුව ලැබූ නිලධාරීන් පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කෙරනු ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.