මල්වතු මහා විහාරයේ දී අස්ගිරි සහ මල්වතු මහා නායක මිහිවරු විශේෂ සාකච්ඡාවක් සදහා සැරසෙමින් සිටිති.
තව ස්වල්ප වෙලාවකින් එම සාකච්චා ආරම්භ වන අතර රජය වෙත ඉදිරිපත් කළ මගපෙන්වීම් සහ උපදෙස් සම්බන්ධව නිසි ප්රතිචාර නොලැබීමත් සමග ඉදිරියට කළ යතු කටයුතු සම්බන්ධව තීන්දුවකට පැමිණීම මෙම හමුවේ අරමුණ බව වාර්තා වේ.
අද සාකච්ඡාවල දී ලබා ගන්නා තීන්දු තීරණ රාමඤ්ඥ මහා නිකායේ මහා නායක හිමියන්ට සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමියන්ට දැනුම් දීමට නියමිත බව පැවසේ.
මෙම සාකච්ඡාවෙන් පසු මල්වතු මහා නායක හිමිපාණන් සේම අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් පවතින ප්රශ්නය නිරාකරණය කරන තුරු දේශපාලකයින් හමුවීම, පඬුරු පිරිකර පුජා කිරීම, අනුශාසනා මගපෙන්වීම් ලබා දීම වාණරණය කිරීමේ ඉඩක් ඇතැයි දැනගන්නට තිබේ.