අද පාර්ලිමේන්තුවේ දී එළි දැක්කේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් බවත් ඒ වැරැද්ද ආණ්ඩුව තමන්ට බහුතරයක් ඇති බව පෙන්වීමට ප්‍රයෝජනයට ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය.
ඔහු තවදුරටත් කීවේ අද එලි දැක්කේ සමගි ජන බලවේගය එක් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකිරීමේ ආදීනව මිසක් තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ගැටලුක් නොවන බවය.
ඔහු මේ බව පැවසුවේ අද (05) දහවල් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කැඳවූ මාධ්‍ය හමුව අමතමිනි.
ඔහු එහිදී මෙසේ ද පැවසුවයෙ.
“අද ඡන්ද විමසීමේ දී රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතා නායක කිරීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණා. මින් 40ක් අඩු කළාම 108යි. ආණ්ඩුවට බහුතරය නෑ. තවත් 10ක් හිටියා ස්වාධීන මන්ත්‍රීවරු. ඔවුනගේ මතය වුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන කියන මතය.“
“ඒ අයවත් අපට මේ සඳහා සම්බන්ධ කරගන්න පුලුවන් කම තිබුණා. තවත් තුන්දෙනෙක් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා ඇතුළු. ඔවුන්ටත් අපි ලිපි යවලා දැනට එක්තරා තත්ත්වයක ඉන්නවා. ඒ අයත් එකතු කරගත්තාම ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම තියන ඡන්ද සංඛ්‍යාව 95යි.“
“අපි ඔක්කොම එකතු වුනා නම් අපේ 40ක් හිටියා. සජබට 65ක් හිටියා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමග හරියට ඡන්ද ටික එකතු කළා නම් 123ක් එනවා.
අපට ඉතාම හොඳ අවස්ථාවක් තිබුණා ආණ්ඩුවට විශ්වාස භංගයක් ගේන්න කලින් ආණ්ඩුවෙ බහුතරය නැතිකරන්න අපට පුලුවන් වුනා. මේක නැතිවුනේ සමගි ජන බලවේගයේ අවසන් මොහොතේ තීන්දු ගැනීම .“
“ඔවුන්ගේ එක් තීන්දුවක් නෑ. ඒකයි මේ ප්‍රශ්නය ආවෙ. අපේ තීන්දුව නිවැරදියි. ආණ්ඩුවත් එක්ක අපි ඩීල් එකක් දාන්න ගියේ නෑ. ආණ්ඩුව මේ අවස්ථාව ප්‍රයෝජනය ගත්තා. ආණ්ඩුවට බහුතරය තියනවා කියලා ඔවුන් ඔප්පු කරගත්තා මේ සිද්ධිය හරහා. ඒ තත්වය ඇතිකිරීම සම්බන්ධව අපි කණගාටු වෙනවා.“