විධායක ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්ද විමසුමට ඇමරිකාව චීනය සහ ඉන්දියාව යන රටවල් ද මැදිහත්ව කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
තමන්ගේ අභිලාෂය සහිත අපේක්ෂකයා බලයට පත් කරගැනීම වෙනුවෙන් එම ඍජුව මැදිහත් නොවුනත් රටවල් අරමුදල් සැපයීම, බුද්ධි මෙහෙයුම් දියත් කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම රටවලට අමතරව මෙරට සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, ආගමික නායකයින්, විසිවැනිදා පැවැත්වෙන ඡන්දය වෙනුවෙන් ප්‍රබල මැදිහත්වීමකින් කටයුතු කරන බව ද හෙළිදරවු වී ඇත.
මෙම මැදිහත්වීම නිසා සුලු පක්ෂ ඡන්දය පාවිච්චි කිරීමේ දී දෙගිඩියාවෙන් පසුවන බව දැනගන්නට ඇත.









