ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජාතික ජන බලවේගය අතර හමුවන් අ ද(17) ප.ව. 3.30ට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කරයි.
මේ වනවිටත් පාර්ලිමේන්තුවේ සිදුවන ජනාධිපතිවරණය සඳහා අරගල කරුවන්ගේ සහයෝගය ලැබෙන දේශපාලන කණ්ඩායම සම්බන්ධව අදහසක් පල වී නැත. ඔවුන්ගේ ප්‍රසාදය දිනා ගැනීම කෙරෙහි සෑම දේශපාලන කණ්ඩායමක්ම අවධානය යොමු කර ඇති පසුබිමක මේ හමුව සිදුවීමට නියමිතව තිබේ.
ජන අරගලයත් මේ වනවිට දේශපාලනික හා මතවාදීමය වශයෙන් කොටස් ගණනාවකට බිඳී ගොස් තිබීම ද සැලකිය යුතු කරුණකි.







