ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලක්වන ලෙස නියෝගයක් ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
එම නඩු ගාස්තුව මසක් තුළ අධිකරණයේ තැන්පත් කළ යුතු බව පෙත්සම්කාර මොරටු පුරවැසියා වූ සී.ඩී.ලේනවට අධිකරණය නියෝග කළේය.
අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබිණි.







