ජනමත විචාරණයකට තුඩු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයෙන් ඉවත් කරගැනීමට දේශපාලන පක්ෂ නායකයින් අතර පොදු එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.
ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් කල් නොතබා ලබන සඳුදා කැබිනට් මණඩලයට ඉදිරිපත් කර කඩිනමින් පාරලිමේන්තුවේ සම්මත කරගැනීමට කටයුතු යොදනු ඇත.
ඒ අනුව ද්විත්ත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්විය නොහැකි වගන්තිය කිසිදු වෙනසක් සිදු නොකර ඒ ආකාරයමට ගෙන ඒමටත් ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීමටත්, ප්‍රසම්පාදන සහ විගණන කොමිසම යළි බලාත්මක කිරීම ඇතුළු රටේ යහ පාලනයට අදාල යෝජනා රැසක් 21 වැනි සංශෝධනය ගෙන ඒමට එකඟතාවය පල කර තිබේ.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිට තිබෙන බලතල අහෝසි කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ඇති බලතල අහෝසි කිරීම ඇතුළු යොජනා කීපයක් නැවත සාකච්ඡාවට බඳුන් කර ඒවා නව සංශෝධනයට ඇතුළු කිරීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධව පක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණ ඇත.







