තුන් බිය යනු මරික්කාර් බිය, රෝසි බිය, හිරුණිකා බිය නොවන බවත් ජන සමූහයකට ඇතිවන රෝග බිය, අමනුෂ්‍ය බිය, මරණ බිය බවත්, එය පුද්ගලයෙක් විෂයෙහි ඇති නොවන බවත් ජනාධිපතිවරයා අද (24) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් අමතමින් කීවේය
ජනාධිපතිවරයා තුන් බියෙන් පෙළෙන බවට ඊයේ මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිළිතුර දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තුන් බිය ගැන පැහැදිලි කරගැනීමට රතන සූත්‍රයට ඇහුම්කන් දෙන ලෙසය.
ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“ඊයේ මුජබර් රහුමාන් මන්ත්‍රී තුමා කිව්වා ජනාධිපති තුමාගෙ හිතේ තුන්බිය ඇති වෙලා තියලා. පුද්ගලයෙකුට තුන්බිය ඇතිවෙන්න බෑ. තුන්බිය ඇතිවෙන්නෙ ජන සමාජයකට.
තුන් බිය ඇතිවුනේ විසාලා මහ නුවර ජනතාවට. රෝග බිය අමනුෂ්‍ය බිය මරණ බිය. ඒක ජන සමූහයකට ඇති වෙන්න පුලුවන්. එතුමාට ඒ කරුණ පැහැදිලි කරගන්න රතන සූත්‍රයට ඇහුමකන් දෙන්න කියලා කියනවා.
කිසිම විටෙක පුද්ගලයෙකුට තුන් බිය හැදෙන්නෙ නෑ. මරික්කා බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන් බිය නෙමෙයි.







